කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

 ඡායාරූපය:

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 222න් 106 ජයග්‍රහණය කරමින් වැඩිම ආසන සංඛ්‍යාවක් ජය ලැබූ පක්ෂය බවට පත් වීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇත. කෙසේ වෙතත් මෙය 50% සීමාව ඉක්මවා යෑමක් නොවේ. මීට පෙර කර්ණාටක ප්‍රාන්තයේ පාලනය හෙබවූයේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කොංග්‍රස් පක්ෂය වේ. කර්ණාටක යනු කොංග්‍රසයේ පාලනය යටතේ තිබූ විශාලතම ප්‍රාන්තයද වේ. මෙවර කොංග්‍රස් පක්ෂය ආසන 73ක් පමණක් දිනාගෙන ඇත. ජනතා දාල් පක්ෂය ලබා ඇති ආසන සංඛ්‍යාව 40කි.

මීට පෙර දෙවතාවක්ම කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමති ධුරය හෙබවූ බී.එස්.යෙඩ්ඩිඋරප්පා මෙවරත් මහ ඇමති ලෙස පත්වනු ඇති බවට මත පළව ඇත.

මාතෘකා