ඉන්දුනීසියාවේ තවත් බෝම්බ පිපිරීමක්

 ඡායාරූපය:

ඉන්දුනීසියාවේ තවත් බෝම්බ පිපිරීමක්

විනාඩි දහයක කාල පරතරයක් ඇතුළත ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ කිතුනු දේවස්ථාන ඉලක්ක කරගනිමින් පෙරේදා (!3 දා) එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පැය 24ක් යන්නට මත්තෙන් තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත.

සුරබයා නගරයේ පිහිටි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ මෙම මරාගෙන මැරෙන යතුරු පැදි බෝම්බය පස් දෙනෙකුගෙන් යුතු පවුලක් විසින් එල්ල කර ඇති බව එරට පොලිසිය පවසයි. එම පවුලේ 8 හැවිරිදි දියණිය පමණක් ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන ඇත.

පෙරේදා සිදු කළ බෝම්බ ප්‍රහාරයද එකම පවුලක 6 දෙනෙකු විසින් ස්ථාන තුනකදී සිදු කළ බව හෙළි වීමත් සමඟ මෙය එක් ආරක අන්තගාමී රැල්ලක් ඇති කිරීමේ ප්‍රවණතාවයක්දැයි සැක පහළව ඇත.

ඉරිදා දිනයේ සිදුකළ ප්‍රහාරයට වගකිව යුත්තේ 'ජමා අන්ෂරූත් දවුලා (JAD) නම් ISIS සහය ලබන ත්‍රස්තවාදී කණ්ඩායම බව ඉන්දුනීසියා පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය හෙළා දකින ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විදෝදෝ, ත්‍රස්ත විරෝධී නව නීති සම්පාදනය කරන බවට ප්‍රකාශ කර ඇත. ඉන්දුනීසියාවේ දැනට ෂරියා නීතිය ක්‍රියාත්මක වෙයි.

මාතෘකා