ඉන්දියාවේ දූවිලි කුණාටුවෙන් ජීවිත හානි රාශියක්

 ඡායාරූපය:

ඉන්දියාවේ දූවිලි කුණාටුවෙන් ජීවිත හානි රාශියක්

ඉන්දියාවේ ප්‍රාන්ත හතරක් හරහා හමාගිය දූවිලි කුණාටුවකින් 61 දෙනෙකු මරණයට පත්ව ඇත. මෙයින් වැඩිම ජීවිත හානි සිදුව ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වන අතර එම ප්‍රාන්තයේ පමණක් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මීට පෙරද දූවිලි කුණාටුවක් හේතුවෙන් එම ප්‍රාන්තයේ 70 දෙනෙකුට ජීවිත අහිමි විය. වේගයෙන් හමා ගිය දූවිලි කුණාටුව සහ අකුණු හේතුවෙන් දේපළ රැසකටද හානි සිදුව ඇත.

දිල්ලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන්වලටද මෙම තත්ත්වයෙන් බාධා එල්ල වී තිබේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් මීට වඩා ප්‍රබලව බලපැවැත්විය හැකි බව එරට කාලගුණ අංශ පවසයි.

මාතෘකා