ඉරාක අගමැතිවරයා මැතිවරණයෙන් පරදින ලකුණු

 ඡායාරූපය:

ඉරාක අගමැතිවරයා මැතිවරණයෙන් පරදින ලකුණු

ත්‍රස්තවාදීන් පැරදවීමෙන් අනතුරුව ඉරාකයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයෙන් වර්තමාන ඉරාක අගමැති හයිද අල් අබාදි පසුබසින ලකුණු පහළව ඇත. මූලික මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමත් සමඟ සද්‍රිස්ට් ව්‍යාපාරය නම් දේශපාලන පක්ෂයේ මෙන්ම සරායා අල් සලාම් නම් සන්නද්ධ ව්‍යාපාරයේ නායකයා වන ෂියා පූජක 'මුක්ටාඩා අල් සදා' මැතිවරණ ප්‍රතිඵලවලින් ඉදිරියෙන් ඇති බවට හෙළිව ඇත.

පූර්ව මැතිවරණ අවධියෙ මත පළ වූයේ වර්තමාන අග්‍රාමාත්‍ය අල් අබාදි සුළු පර්තිශතයකින් මැතිවරණය ජයගනු ඇති බවයි.

ඉරාකයේ පළාත් 18න් 10ක මැතිවරණ ප්‍රතිඵල ඊයේ (14 දා) උදෑසන වන විට නිකුත්ව තිබූ අතර බෑග්ඩෑග් අගනුවර ඇතුළු පළාත් 4ක ප්‍රතිඵලවලින් ෂියා මුස්ලිම් පූජකවයෙකු වන අල් සදා ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

ඉරාන සහය ලබන ෂියා සන්නද්ධ නායකයෙකු වන හාඩි අල් අමිරිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමද බොහෝ ස්ථාන වලදී අගමැතිවරයා පරයමින් ඡන්ද ලබාගෙන ඇත.

අල් සදා ඇමෙරිකානු විරෝධියෙකු ලෙස ප්‍රකට අතර වොෂින්ටන් පාලනය ඔහුව හඳුන්වන්නේ 'ත්‍රස්තවාදියෙකු' ලෙසය. 2003 වසරේදී 'මහ්දි හමුදාව' ආරම්භ කරමින් එවකට ඉරාකයේ රැඳි සිටි ඇමෙරිකානු හමුදාවට එරෙහි කැරළිවලට නායකත්වය දුන්නේද ඔහුය.

කෙසේ වෙතත්, ඉරාක මැතිවරණ ක්‍රමය තුළ ඇති සංකීර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය හේතුවෙන් සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් කිරීම දින කිහිපයක් ප්‍රමාද වනු ඇත.

මාතෘකා