සෞදි රූපවාහිනී නිවේදිකාවගේ ඇඳුම 'අවිනීත' යැයි විරෝධතා

 ඡායාරූපය:

සෞදි රූපවාහිනී නිවේදිකාවගේ ඇඳුම 'අවිනීත' යැයි විරෝධතා

සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීම පිළිබඳ රූපවාහිනියේ වාර්තා කරන අවස්ථාවේදී "නුසුදුසු" ඇඳුමකින් සැරසී සිටියා යැයි චෝදනා එල්ලවී සිටින වාර්තාකාරිනියකට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සෞදි බලධාරීහු කටයුතු කරමින් සිටිති.

ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) එළිමහනේ වාර්තා කිරීමේ යෙදී සිටියදී ඇය ඇඟලා සිටි අබායා ලිහිල් ඇඳුම සුළඟට හසුවී ඉදිරියෙන් විවෘත වීම නිසා යටින් ඇඳ සිටි වස්ත්‍ර නිරාවරණය විය.

මෙම වීඩියෝ දර්ශනය අන්තර්ජාලයේ විශාල වශයෙන් සංසරණය වූ අතර, ෂිරීන් අල්-රිෆායි බොහෝ පුද්ගලයන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඇයට එරෙහිව අරාබි භාෂාවෙන් "රියාද්හි_නිර්වස්ත්‍ර_කාන්තා_රියදුරු" යන තේරුම ඇති හෑෂ්ටැගයක් ද නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ.

ඩුබායි කේන්ද්‍රකොටගත් අල් ආන් රූපවාහිනී මාධ්‍ය ආයතනයේ වාර්තාකාරිනියක් වන අරාබි ජාතික ෂිරීන් අල්-රිෆායි මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය.

මාතෘකා