ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි

 ඡායාරූපය:

ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි

ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකු මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ප්‍රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා සිදුවී තිබේ. කර්මාන්ත ශාලා ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට ද සිදුවී තිබේ. මැග්නිටියුඩ් 6.1 ක් වූ භූ කම්පනය මගින් සුනාමි අවදානමක් හට නොගත් අතර ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාර ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.

ජපානය පිහිටා ඇත්තේ භූ කම්පන බහුල කලාපයකය. එසේම මැග්නිටියුඩ් 6 ට වඩා ප්‍රබලත්වයකින් ලොව සිදුවන භූ කම්පන වලින් 20% ක පමණ ප්‍රමාණයක් සිදුවන්නේ ජපානයේ ය. ඔසාකාහිදී නගරයට උතුරින් ඊයේ (18 දා) සිදුවූ භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු අටට පමණ සිදුවූ බව කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරයි.

මාතෘකා