ට්‍රම්ප් - කිම් ජොන් හමුව අද | ඇස පාදන රැස


ට්‍රම්ප් - කිම් ජොන් හමුව අද

 ඡායාරූපය:

ට්‍රම්ප් - කිම් ජොන් හමුව අද

බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙක් අතර සිදුවන පළමු හමුව අද දින සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ සිදු වේ.

පසුගිය ඉරිදා දිනයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට පැමිණි අතර එහිදී සිංහප්පූරු බලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිණ.

මෙම හමුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශයම පැහැදිලි නිල අදහසක් දක්වා නොතිබුණු නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබුනේ 'කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨිකහරණය කිරීම මෙම හමුවේ එකම පිළිගත හැකි ප්‍රතිඵලය' බවයි.

මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ව, ඊයේ දිනයේ දුරකථනයෙන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙම හමුව ගැන වැඩිදුර සාකච්ඡා කර ඇත. මෙම ඓතිහාසික හමුවට ප්‍රථම සිංගප්පූරු අගමැති ලී සීන් යූන්, ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් වෙන වෙනම හමු වීමට නියමිතය.

මෙම ඓතිහාසික හමුව ආවරණය කිරීම සඳහා දෙරටේ රාජ්‍ය නිළධාරීන් සහ ආරක්ෂක නිළධාරීන් විශාල ප්‍රමාණයක් සිංහප්පූරුවට පැමිණ ඇති අතර, රුසියාව ඇතුළු වෙනත් රටවල රහස් ඔත්තු සේවා මෙම හමුව ගැන දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වා ඇත.

මාතෘකා