ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවකට කාලගුණ අනතුරු ඇඟවීම්

 ඡායාරූපය:

ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවකට කාලගුණ අනතුරු ඇඟවීම්

ඉන්දියාවේ මුම්බායි නගරයට හා දකුණු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ධාරානිපාත වර්ෂාවෙන් සහ සුළගින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

පැයට කිලෝමීටර් 60 ක පමණ වේගයෙන් සුළං හමා යනු ඇති බවට කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මේ වන විට ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්ද ඇතිව තිබේ.

ඊයේ දින මුම්බායි ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාද කිරීමටද සිදුව තිබිණ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?