ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරගයක් අද

 ඡායාරූපය:

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරගයක් අද

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවන තවත් තරගයක් අද මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර රෝයල් සීලැන්ගර් පිටියේදී පැවැත්වේ. අද තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් පාකිස්තාන ක්‍රීඩිකාවන් හමුවීමට නියමිතව ඇත.

 තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතුරින් තමන් සහභාගිවූ තරග දෙකම ජයගනිමින් ඉහළ මානසික තත්ත්වයකින් පසුවන ශ්‍රී ලංකාව අද තරගයටද මුහුණ දෙන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය. පාකිස්තානු කාන්තා කණ්ඩායම ඔවුන් සහභාගිවූ එක් තරගයක් ජයගෙන අනෙක් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම අතින් පරාජය ලබා අද තරගයට මුහුණදී සිටීම ශ්‍රී ලංකාවේ ස්ථාවර භාවය වැඩිකිරීමට ඉවහල්වී ඇත. වැඩිම තරග සංඛ්‍යාවක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට තරගවැදීමට නියමිතය.

මාතෘකා