මහ මැතිවරණය අවසන් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වැඩි වාසිය ඉම්රාන් ඛාන්ට

 ඡායාරූපය:

මහ මැතිවරණය අවසන් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වැඩි වාසිය ඉම්රාන් ඛාන්ට

පාකිස්ථාන මහ මැතිවරණය ඊයේ (25දා) පැවැත්විණ. ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස මිලියන 106ක් වන අතර ආසන 342ක් සඳහා නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කෙරෙයි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ආසන 172ක ලබාගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නායකත්වය දරණ 'යුක්තිය සඳහා වූ පාකිස්තාන් ව්‍යාපාරය' (ටෙහ්රීක් ඊ ඉන්සාෆ්) පක්ෂය හා හිටපු අග්‍රාමාත්‍ය නවාෆ් ශරිෆ්ගේ පාකිස්තාන් මුස්ලිම් ලීගය පක්ෂය අතර තියුණු තරඟයක් පැවති බවට අදහස් පළ වී ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඉම්රාන් ඛාන් කටයුතු කිරීම නිසා ඔහු මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ අතර ඔහුගේ ඡන්දය අවලංගු විය හැකි බවටද මත පළ විය.

මෙම මැතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබිණි. රටපුරා යොදවා සිටි සෙබළුන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ එක් දහසකි. පාකිස්ථානයේ මැතිවරණ රැළිවලට පසුගිය කාලයේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වු නිසා ඒවා වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව ආරක්ෂක අංශ පවසයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂිකාවෝ 171 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මේ අතර ඡන්ද මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලැබූහ.

මාතෘකා