සෝමාලියාවේ ඉපදී ලන්ඩනයේ විකසිත වූ කාන්තාරයේ කුසුම වාරිස් ඩයිරි

 ඡායාරූපය:

සෝමාලියාවේ ඉපදී ලන්ඩනයේ විකසිත වූ කාන්තාරයේ කුසුම වාරිස් ඩයිරි

එක දවසක, ලන්ඩනයේ එක්තරා වීදියක, මොනවාහරි කන්න කියල ආපන ශාලාවකට ගොඩවැදුණු මනුස්සයෙක් දකිනවා අමුතු දෙයක්. කුමක්ද ඒ? ආපන ශාලා‍ෙව් තමන්ට පිටුපා ශාලාව අතුගාන කෙල්ල මිනිස්සු කාලා ඉතිරි වූ දේවල් හොරෙන්ම සාක්කුවට දා ගන්නවා. මිනිහට ඒකට යාන්තමට හිනාවක් යනවා.

ඊළඟ මොහොතේ කෙල්ල හැ‍රෙනවා ‍ෙම් මනුස්සයා දිහාවට. ඒ වෙලාවේ එක එල්ලේ ඔහු දකිනවා ෙම් කෙල්ලගේ මුහුණ. ඔහු මොහොතකට ගල් වෙනවා. ඒ තමයි එයා හොය හොය හිටපු මුහුණ. ඔබ එෙව්ලේ ඇගේ මුහණ දැක්ක නම්! ඔබට මහා ලොකු ලස්සනක් ඒකෙ පේන එකක් නැහැ. නමුත් ඡායාරූප ශිල්පියෙක් ලස්සන කියන දේ දකින්නෙ වෙනස් විදිහට, වෙනස් කෝණයකින්. මොකද ඔහු ඡායාරූප කලා ශිල්පියෙක්. ඔහු නැගිටලා යනවා කෙල්ල ඉස්සරහට.

“මොකක්ද ලස්සන කෙල්ලේ ඔයාගේ නම?”

“වාරිස්”

“හොඳයි වාරිස්. ඒත් හැම නමකටම තියෙනවා යම්කිසි තේරුමක්. ඔ‍ෙබ් නමටත් තියෙනවාද එහෙම තේරුමක් වාරිස්?”

“ඔව්. සෝමාලියාෙව් ඒකට කියන්නේ 'කාන්තාරයේ කුසුම, එහෙම නැත්නම් පුෂ්පය' කියල.”

ඔන්න ඔහෙම තමයි සෝමාලියාෙව් එළුවො බලාගත්තු කෙල්ලක් ලන්ඩන් නුවර පුංචි ආපන ශාලවකදි එංගලන්තයේ කීර්තිමත්ම ඡායාරූප ශිල්පියෙකුට මුණ ගැහුණෙ. කොච්චර දක්ෂයෙක්ද කියනවා නම් ඔහු තමයි ඒ දවස්වල ඩයනා කුමාරිගේ පුද්ගලික ඡායාරූප පවා ගත්තු කැමරාකරුවා.

නම ටෙරන්ස් ඩොනවන්. තවත් ටික කාලයක් යද්දී ටෙරී ගේනවා ෙම් සෝමාලියානු කෙල්ලව ලන්ඩනයේ ඡනප්‍රියම මෝස්තර නිරූපිකාවන් අතරට. ඒ, ලිංගික අල්ලස් කිසිත් නොගෙන, නියම මහත්මයෙක් විදිහට. දැන් ඕනම මොහොතක ලන්ඩන් නුවර ප්‍රධාන වීදිවල, හතරමං හන්දිවල විශාල පුවරුවල දකින්න පුළුවන්, ලස්සන හිනාවකින් සැරසුණු 'වාරිස් ඩයිරි මොහොමඩ් සුලෙයිමාන්ව'. වාරිස්ගේ දවසින් දවස ඉහළ යන ෙම් ජනප්‍රියත්වය ධාරණය කරන් හිටපු, ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ලේඛිකාවක් වූ කැතලින් සිලර්ට හිතෙනවා වාරිස්ගේ ජීවිත කතාව නවකතාවකට හොඳ ඇති කියල. කැතලින් එතකොට හිටියේ ලන්ඩන්වල. දවසක් කැතලින් වාරිස්ව ගෙන්වනවා තමන්ගේ ලන්ඩන් නුවර කාර්යාලයට.

“වාරිස් කාන්තාරයක එඬේර ජීවිතයක් ගත කළ කෙල්ලක් ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ ගැහැනියක් වෙන්න බලපෑෙව් ඡායාරූප ශිල්පියෙක් පමණද?”

“නෑ. ඇගේ ජීවිතය වෙනස් වුණේ එක්තරා සුවිශේෂි සිදුවීම් දෙකක් නිසා. එකක් තමයි ඒ කෙල්ල ගොඩක් පුංචි කාලෙදි මර බයෙන් කෑගහද්දි ඇගේ ස්ත්‍රී ලිංගයේ සංෙව්දී කොටස් ලේ හල හලා කපා අයින් කරල, ඇයට මුත්‍රා කරන්න පුංචි සිදුරක් පමණක් තියල මහපු එක. ඒක ඉස්ලාම් ආග‍ෙම් සෝමාලියානු චාරිත්‍රයක්. දෙවැනි එක ඒ කෙල්ලට වයස 10 දි කෙල්ලගේ තාත්තා ඇය වයස 60 මිනිහෙකුට බන්දල දෙන්න තීරණය කළ දවස.

ඒ රාත්‍රියේ ෙම් කෙල්ල ගෙදරින් පැනල දවස් තුනක් තිස්සෙ දිව්වා කාන්තාරේ වතුරවත් නැතිව. කකුල්වලින් ලේ පෙරෙනකන් ඇය මහ පාරක් හම්බුවෙනකන් ඇවිද්දා. ඒ දෙකේම තිබුණේ මගේ ජීවිතයේ අනුන් නිසා මම හලපු ලේ. ඒ ලේ තමයි කැතලින් සිලර් මට මෙතනට එන්න පාර කියා දුන්නේ.”

ඒ විදිහට ලේවලින් ජීවිතය පටන් ගත්තු වාරිස් ඩයිරි සුලෙයිමන් 1977 දි එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අන්නන් විසින් අප්‍රිකානු මහද්වීපයේ සාමය හා අවිහිංසාව පිළිබඳ නිත්‍ය නියෝජිතවරිය විදිහට පත් කරනු ලබනවා. ෙම් ඇය ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කළ කතාවයි.

“මම මගේ අම්මාට ආදරෙයි. මම මගේ පවුලට ආදරෙයි. ඒ වගේම මම මුළු මහත් අප්‍රිකාවටම ආදරෙයි. ෙම් මහද්වීපය තුළ වසර 3000ක් පමණ පැරණි විශ්වාසයක් තියෙනවා. ඒ තමයි ලිංග ඡේදනය කර මසා නොදැමු ගැහැනු දරුවා අපවිත්‍රයි කියල. ඔවුන් හිතනවා අපේ කකුල් දෙක අස්සෙ ඉවත් කළ යුතු යම් අපිරිසිසු දෙයක් තියෙනවා කියල.

ඉතින් ඔවුන් අපේ ස්ත්‍රී ලිංගය කපලා කොටලා මහනවා. ඒ මැහුම ගලවන්නෙ ඇගේ මංගල රාත්‍රියේදී ඇගේ සැමියා විසින්. ස්ත්‍රී ලිංගය ඡේදනය නොකළ කිසිම ගැහැනියෙකුට ග‍ෙම් ඉන්න තහනම්. ඇයව ගමෙන් එලවා දමනවා. අනතුරුව ඇයව මහද්වීපය පුරා ගණිකාවක් ලෙස ඇවිදිමින් අපවිත්‍රව හා දුක්ඛිතව ජීවත් වෙනවා. ෙම් අශිෂ්ට චාරිත්‍රය නිසා මුළු මහත් අප්‍රිකා මහද්වීපයේම ගැහැනු ස්ත්‍රී ලිංගය ඡේදනය කර හෝ නොකර සිය ජීවිත කාලයම ශාරීරිකවත්, මානසිකවත් දුක් විඳිමින් මැරී යනවා.

මගේ එක සොහොයුරියක් මියගියේ ලිංග ඡේදනයේදී අධික ලෙස රැධිරය පිටවීම නිසා. අනෙක් සොයුරිය මියගියේ බාල වයසේදීම දරු ප්‍රසුතියකට මුහුණ දුන් නිසා. ඉතින් මට අවශ්‍යයි ෙම් ගැහැනිය නැමති අප්‍රිකාෙව් කොඳු නාරටිය ශක්තිමත් කරන්න. මොකද ඇගේ කොඳු නාරටිය අඩපණ නම් එය සමස්ත සමාජයටම බලපානවා. අපේ කාන්තාර වාසීන් අතර ප්‍රකට කියමනක් තියෙනවා 'පෙළේ අවසානයට ගමන් ගන්නා ඔටුවාද යන්නේ, පෙළේ මුලින්ම ගමන් ගන්නා ඔටුවාගේ ෙව්ගයෙන්මය' කියල. ඉතින් ඔබට ස්තුතියි!

වාරිස් ඩයිරි සුලෙයිමාන්ගේ ෙම් දේශනයෙන් පසුව ලොව මානව හිමිකම් ක්‍රියාකාරීහු අපුිකානු මහද්වීපයට කඩා වැදෙනවා. එහි ප්‍රතිඵල වශයෙන් බොහෝ අප්‍රිකානු නායකයන්ට මෙම අශිෂ්ට චාරිත්‍රය නවත්වන්න අණපනත් ගෙන ඒමටත් සිදු වෙනවා. ඒවගේම තවත් රටවල් මෙම චාරිත්‍රය සපුරා තහනම් කරනවා. ඇගේ ජීවිත කතාව අලළා අනතුරුව චිත්‍රපට රැසකුත් නිෂ්පාදනය කෙරෙන අතර ලොව ප්‍රකට කෘති 6කට ඇගේ කතාව ඉවහල් වෙනවා. ඒ තමයි Desert Flower (1998), Desert Dawn (2004), Desert Children (2005), Letter to my mother (2007), Schwarze Frau, weißes Land (2010)

Saving Safa (2014) යන කෘති.

[උපාලි ජයසිංහ]

මාතෘකා