ඉන්දුනීසියානු රජය ටෝබා කලපුවේ මනුස්ස මෙහෙයුම අතහැර දැමුවේය

 ඡායාරූපය:

ඉන්දුනීසියානු රජය ටෝබා කලපුවේ මනුස්ස මෙහෙයුම අතහැර දැමුවේය

ඉන්දුනීසියාව කියන්නෙ පැසිපක් සාගරයට සහ ඉන්දියන් සාගරයට මැදිවූ දූපත් 17,000 ක් තියෙන රාජ්‍යයක්. මෙි දූපත්වල ජීවත්වෙන මිනිස්සු එදිනෙදා තමන්ගෙ කටයුතු වලටත්, විශේෂිත අවස්තාවලත් මේ දුපත් හරහා යන එන එක සාමාන්‍ය දෙයක්. මේ සිද්ධිය වුණු 2018 ජුනි 19වෙනිදා ඉන්දුනීසියාවෙ උතුරු සුමාත්‍රා දූපත හා ඒ අවට තිබුණු දූපත්වලට හරිම අසාමාන්‍ය හා ප්‍රචණ්ඩ කුණාටු සහිත දිනයක්.

කොතරමි ප්‍රචණ්ඩද කියනවා නමි සුමාත්‍රාවේි නාවික තොටුපළේ ගොඩනැගිලිවලට පවා ප්‍රචණ්ඩ රළ පහර කඩා වැදුණා. කඩා වැදිල ඒ ගොඩනැගිලි අවට තිබුණු මොටර් රථ, බස් රථ හා ට්‍රක් රථ පවා ආපහු යනකොට මුහුදට අරන් ගියා. ඉන්දුනීසියානු රජය නිවෙිදනය කළා මෙම කුණාටුවෙන් අහිමිවූ මිනිසුන් සංඛ්‍යාව 200ක් බවත් මුහුදට බිලිවූ සාමාන්‍ය මොටර් රථ 49ක් හා බස්රථ සහ ට්‍රක්රථ සංඛ්‍යාව 14ක් බවත්.

ඒ වගේ දවසක උපවාස කාලය හමාර කරමින් රාමාසන් උත්සවයට සිය ඥාතීන්ගේ ගෙවල්වලට විවිධ දූපත්වලින් ආපු මිනිස්සු උතුරු සුමාත්‍රාවෙ විතරක් ලක්ෂ 90ක් හිටියයි කියල තමයි කියවෙන්නේ. මේ මිනිස්සු අතරින් සිනාර් බෙන්ගමි කියන වරායට ආවා කටිටියක්, 'සුලාවෙසි' දුපතේ ඉඳල 'පමාටාටා' දුපත හරහා 'සෙලායර්' දුපතට යන්න.

එයාල එතන නවත්තල තිබුණු විශාල බෝටිටුවකට 170 දෙනෙක් නැග්ගා. ඒ බෝටිටුවේ කපිතාන් ඊට අමතරව තව මෝටර් බයිසිකල් 50කුත් මෙිකට පටව ගත්තා. නමුත් මිනිස්සු දැනගෙන හිටියෙ නෑ මෙි ලී බෝටිටුවෙ මිනිස්සු 50 දෙනෙකුට වැඩිය බරක් උහුලන් යන්න බැරි බව.

වෙිගවත් සුළං පහර හා ඒකත් එක්ක ඉහළට නැගුණු ප්‍රචන්ඩ රළ පහරත් එක්ක ටෝබා කලපුවෙි සිට ඉදිරියට අමාරුවෙන් ඇදුණු බෝටිටුව තවත් පැය දෙකක් යනකොට දරාගත නොහැකි වේගවත් කිනිසි තුඩවල් වගේ රළ පහරින් හිල්වුණා. මෙි සිදුරු අස්සෙන් වේගයෙන් බෝටිටුව ඇතුළට ගලා ආපු ජලකඳ නිසා බෝටිටුවේ පැත්තක් කලපුවේ ගිලුණා.

සමහර අය කලපුවට ඇදන් වැටුණ. තවත් ඉතිරිවෙලා හිටපු ඔක්කොමල නොගිලිචිච පැත්තෙ බඳේ ආයාසයෙන් එල්ලිලා හිටියා. ඒ අයට මුහුදු ප්‍රවාහනයේදී දිය යුතු අපදා පිහිනුමි කටිටලවත් තිබුණේ නෑ. භීතියෙන් බෝටිටු බඳේ එල්ලිලා හිටපු අය තමන් විශ්වාස කරන දෙවියන් යදිමින් ඉන්න ඇති. කොහොම වුණත් මේ මොහොතෙ 'දෙවියන්ට වැඩිය මිනිස්සු විශ්වාස කළ යුතුමයි' කියනව වගේ ඉන්දුනීසියානු නාවික හමුදාව තවත් පැයකදී ඉතිරිවෙලා හිටපු අය සියල්ලන්වම බේර ගත්තා.

ඊට මොහොතකට පස්සෙ සමිපුර්ණයෙන් බෝටිටුව දියේ ගිලී නොපෙනී ගියා පහුවෙනිදා තවත් මළ සිරුරු 5ක් දිය මත පාවෙමින් සිටියදී නාවුක හමුදාව හොයාගෙන තිබුණ. තවත් අතුරුදන් 12 දෙනෙකු සොයමින් ඔවුන් දියයට කිමිදුණා. පුරා සති දෙකක් කිමිදිලත් ඔවුන්ට කිසිවකුගේ සිරුරු හොයා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් එ් අතුරුදහන් වෙච්ච මිනිසුන්ගේ ඥාතීන් සති දෙකක් පුරා අඬමින් නාවික ජැටියේ කෙළවරක බලාන උන්නා.

තවදුරටත් අතුරුදහන් වුවන් සොයා පලක් නැති බව ආයාචනාත්මකව ඔවුන්ගෙන් ඉල්ලා සිටි ඉන්දුනීසියානු නාවුක හමුදාව අතුරදහන් වුවන් වෙනුවෙන් දිය මත මල් හා සුවඳ පැන් ඉස අවසන් ගෞරවය දක්වන්නැයි ඉල්ලා සිට, සිය මෙහෙයුම නතර කළා.

සුමාත්‍රා පොලිසිය, බෝටිටුවෙි කපිතාන් සහ ඔහුගේ සහායකයාට එරෙහිව මිනිසුන් අනාරක්ෂිතව ප්‍රවාහනය සහ මරා දැමීම යටතේ නඩු පවරා තියෙනවා. ඔවුන් දැන් බන්ධනාගාර ගතව තමයි ඉන්නේ.

[උපාලි ජයසිංහ]

මාතෘකා