හිටපු මැලේසියානු අගමැති නජීබ් රසාක් අඩංගුවට

 ඡායාරූපය:

හිටපු මැලේසියානු අගමැති නජීබ් රසාක් අඩංගුවට

හිටපු මැලේසියානු අගමැති නජීබ් රසාක් 1MDB අක්‍රමිකතාව සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් අද ඔහුගේ නිවසේදී ඔහු අත් අඩංගුවට ගත් අතර හෙට දිනයේ ඔහුට එරෙහි චෝදනා ගොනු කරනු ඇතැයි අපේක්ෂිතය​.

හිටපු අගමැතිවරයාගේ ඥාති පුත්‍රයෙකු වන, හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක රීසා අසීස්ගෙන් ප්‍රශ්න කිරීමටද එරට දූෂණ විරෝධී ආයතනය ඊයේ දිනයේදී කටයුතු කිරීය.

අත්අඩංගුවට ගන්නා ලද හිටපු මැලේසියා අගමැති නජීබ් රසාක් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූලස්ථානයට රැගෙන ආ අතර අද මැලේසියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ඔහු අධිකරණය හමුවේ ඉදිරිපත් කර නිල වශයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.

මාතෘකා