ගුහාවක සිරවී සිටි තායිලන්ත පාපන්දු කණ්ඩායම සොයා ගැනේ

 ඡායාරූපය:

ගුහාවක සිරවී සිටි තායිලන්ත පාපන්දු කණ්ඩායම සොයා ගැනේ

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගැනීමට මුදාගැනීමේ අංශ සමත් වී ඇත. ඔවුන් වයස අවුරුදු 11ත් 16ත් අතර පසුවන අතර තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක් තුළයි ඔවුහු අතරමං වී සිටියෝය.

ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව සිටින බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. මෙම පිරිසන් පසුගිය 23 වනදා අතුරුදන් වූ අතර දින 9කට ආසන්න කාලයක් ගුහාව තුළ සිරවී සිටියෝය. මෙම සෝදිසි මෙහෙයුම් සදහා එක්වුණු බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට මෙම දරුවන් ගුහාව තුළින් සොයාගැනීමට හැකි විය. එම දරුවන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතියි. එම ළමුන් සහ පුහුණුකරු සොයා සිදු කළ මෙහෙයුම් සදහා ඇමෙරිකාව ,එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන් සහ කිමිදුම්කරුවෝ එක්වුහ. අධික වාර්ෂාව හේතුවෙන් මඩ සහ ජලය ගලා ඒම නිසා සිරවූ පිරිස එයින් පිටතට ගැනීමට අසීරු වූ බවයි තායිලන්ත සහන කණ්ඩායම් සඳහන් කරති. ජලය ඉවත් කිරීමෙන් පසු ඔවුන් පිටතට ගෙන ඒමට කටයුතු කරන බවටද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

මාතෘකා