ටෝකියෝව : මිසයිල ප්‍රහාර පෙරහුරුවක

 ඡායාරූපය:

ටෝකියෝව : මිසයිල ප්‍රහාර පෙරහුරුවක

ඉතිහාසයේ පළමු වරට ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයේ මිසයිල ප්‍රහාර පෙරහුරුවක් පවත්වා තිබේ.

ඒ, උතුරු කොරියාවෙන් එල්ල වන අඛණ්ඩ පීඩනය හේතුවෙනි.

ඊයේ (22) දහවල් කාලයේ ටෝකියෝ නගරයේ මෙම මිසයිල ප්‍රහාර පෙරහුරුව පැවත් වූ අතර ටෝකියෝ පාලන අධිකාරිය J-alert නම් ආරක්ෂණ පද්ධතිය ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

උතුරු කොරියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් කලාපයේ බොහෝ රටවල් පිඩනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.