පද්මාවත් ප්‍රදර්ශනයට සූදානම්, නමුත් තහනම දිගටම | ඇස පාදන රැස


පද්මාවත් ප්‍රදර්ශනයට සූදානම්, නමුත් තහනම දිගටම

 ඡායාරූපය:

පද්මාවත් ප්‍රදර්ශනයට සූදානම්, නමුත් තහනම දිගටම

ආන්දෝලනාත්මක 'පද්මාවතී' චිත්‍රපටයේ නිර්මාණකරුවන් ඊයේ (15) ප්‍රධාන පෙළේ ඉන්දීය පුවත්පත්වල වෙළඳ දැන්වීම පළ ‘පද්මාවතී’ චිත්‍රපටය සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර විය හැකි නිර්මාණයක් බවත්, එතුළින් දිල්ලියේ සුල්තාන්වරයෙකුව සිටි අලව්ඩින් කල්ජි සහ රානී පද්මිනිගේ චරිත ප්‍රතිෂ්ඨාපනය නොකරන බවත් ප්‍රකාශ කළේය.

චිත්‍රපටයේ නිෂ්පාදකයින් වන බන්සාලි ප්‍රඩක්ෂන්ස් සහ වියාකොම් 18 මෝෂන් පික්චර්ස් සමාගම මෙම දැන්වීම පළ කරමින් අදාළ චිත්‍රපටය 'පද්මාවත්' නමින් ජනවාරි 25 වනදා තිරගතවන බවද ප්‍රකාශ කර තිබේ. 

මේ අතර ‘පද්මාවතී’ චිත්‍රපටය ගුජරාට් ප්‍රාන්තයේ තහනම් කිරීමට කටයුතු කළ බව පසුගිය සිකුරාදා ගුජරාට් මහ ඇමති විජේ රූපානි සඳහන් කළේය. මීට පෙර රාජස්ථාන් ප්‍රාන්තයේද ‘පද්මාවත්’ තහනම් කිරීමට කටයුතු කර තිබිණි. 

මීට පෙර පසුගිය නොවැම්බරයේදී චිත්‍රපටය පෙන්වීමට අවසරය ලබා නොදෙන බව පැවසූ මධ්‍යම ප්‍රදේශ්, හර්යානා සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්ත මේ වන තෙක් ප්‍රදර්ශනය පිළිබඳව නිශ්චිත අදහසක් දක්වා නොමැත.

මාතෘකා