ඛෂෝගි ඝාතනයට බින් සල්මාන් සම්බන්ධ බවට තහවුරු වෙයි

 ඡායාරූපය:

ඛෂෝගි ඝාතනයට බින් සල්මාන් සම්බන්ධ බවට තහවුරු වෙයි

සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල්ගේ කරුණු දැක්වීමට සවන් දීමෙන් පසු සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බව තහවුරු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභිකයෝ පවසති.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු උමතු සහ දරුණු පුද්ගලයෙකු බව ඇමෙරිකානු සෙනෙට් සභිකයින්ගෙන් ඇතමෙක් පෙන්වා දෙති. ජමාල් ඛෂෝගිගේ ඝාතනයට ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ සෞදි අරාබිය, ඊට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මෙවැනි දරුණු ක්‍රියා පිළිනොගන්නා බවට අමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියට පැහැදිලි පණිවුඩයක් යැවිය යුතු බව ද ඇමෙරිකානු සෙනෙට් සභිකයෝ වැඩිදුරටත් කියා සිටියහ.

මාතෘකා