ට්‍රම්ප්ගෙන් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීම්

 ඡායාරූපය:

ට්‍රම්ප්ගෙන් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීම්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. ෆේස් බුක්, ට්විටර් හා ගූගල් ද ඇතුළු සමාජ ජාල ප්‍රකාශනවල පක්ෂපාති අදහස් ඇතුළත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"එය ඇතැම් ප්‍රකාශ නියාමනයට හේතුවක් බවත්, ජනතාව අතර විවිධ මත ව්‍යාප්ත කිරිමෙන් ජනප්‍රියත්වයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු පවසා ඇත. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිශ්චිත සඳහනක් නැත. මේ අතර, තමන්ගේ වැඩසටහන්වල දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපතිවරයාට ප්‍රතිචාර දක්වමින් ගූගල් සමාගම පෙන්වා දෙයි.

මාතෘකා