රුසියාවට නව සම්බාධක පැනවීමට තීරණයක්

 ඡායාරූපය:

රුසියාවට නව සම්බාධක පැනවීමට තීරණයක්

එංගලන්තයේ ජීවත් වන රුසියාවේ හිටපු ඔත්තුකරුවෙකු වන සර්ජි ස්ක්‍රිපාල්ව විස ශරීර ගත කර ඝාතනයට තැත් කිරිමේ සිද්ධියක් හේතුවෙන් රුසියාවට සෘජු චෝදනා එල්ල කිරීමට එක්සත් රාජාධානිය සහ එක්සත් ජනපදය කටයුතු කර තිබිණ.

පසුගිය මාර්තු මාසයේදී ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය ඔවුන්ගේ නිවසේ සිහිසුන්ව සිටියදී සොයා ගනු ලැබු අතර ඔවුන්ට විස ශරීරගතව තිබූ බව වාර්තා විය. ඔවුන් මේ වන විට සුවය ලබා සිටින නමුත් රුසියාව මෙම සිදුවීම පිටුපස සිටින බව එක්සත් රාජධානිය චෝදනා කරයි.

එක්සත් ජනපදය මෙම සිද්ධිය මුල් කර ගනිමින් රුසියාවට ලබන විසි දෙවනදා සිට සම්බාධක පැනවීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මාතෘකා