ගබ්සාව නීතිගත කිරීමේ පනත පරදියි

 ඡායාරූපය:

ගබ්සාව නීතිගත කිරීමේ පනත පරදියි

සති 14ක් නොපිරූ කළල ගබ්සා කිරීමට අවශ්‍ය නීතිමය අවසරය ලබා ගැනීම පිණිස ආර්ජන්ටිනාවේ සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු පනත සෙනෙට් මණ්ඩලයේ 38-31 ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ. දැනට එරට බලපැවැත්වෙන නීතිය අනුව ස්ත්‍රී දූෂණයකදී හෝ මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගබ්සා කිරීමට නීතිමය අවසරය හිමි වේ.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ උපන් රට වන ආර්ජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමේ උත්සහය සම්බන්ධයෙන් බොහෝ කතෝලික රටවක අවධානයට පාත්‍ර වී තිබිණ.

මාතෘකා