රෝම අධිරාජ්‍යයාගේ උපතෙන් නම් ලද සීසර් සැත්කම

 ඡායාරූපය:

රෝම අධිරාජ්‍යයාගේ උපතෙන් නම් ලද සීසර් සැත්කම

සිසේරියන් සැත්කම යනු යම්කිසි මවකට සිය දරුවා හෝ ඊට වැඩි ගණනක් ස්වාභාවිකව ප්‍රසූත කිරීමට අපහසු නම් වෛද්‍ය විද්‍යාව ඊළගට හදුන්වාදී ඇති ක්‍රමවේදයයි. එය හඳුන්වන්නේ C-section , එසේත් නැත්නම් සීසර් ක්‍රමය යනුවෙනි.

මෙම ශෛල්‍යකර්මයේ ඉතිහාසය මීට වසර 2500 ක් තරම් ඈතය. ක්‍රි.පූර්ව 298- 272 ඉංදියාවේ චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ මව වූ බිංදුසාරී චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාව බිහිකළේ ඇය මිය ගිය පසු චානක්‍ය නැමති ඔහුගේ ගුරුවරයාගේ උපදෙස් මත බිංදුසාරිගේ උදරය කපා බවත්, ක්‍රි.පුර්ව 1030 සිට 223 දී චීන අධිරාජ්‍යයේ කහ අධිරාජ්‍යයන් හයදෙනාම උපත ලැබුවේ ඔවුන්ගේ මවුවරුන්ගේ උදරය පලා බවත් පුරාණ චීන ඉතිහාසඥ Luzhong සටහන් කර ඇතැයි කියති. නමුදු මේවාට නිවැරදි මුලාශ්‍ර හෝ සත්‍ය යැයි පදනම් කළ හැකි කිසිවක් නොමැති බැවින් ඒවා මිත්‍යාව පදනම් කරගත් මත ලෙස වෛද්‍ය විද්‍යාව බැහැර කරයි.

සිසේරියන් ශෛල්‍යකර්මය යන නම වැටුණේ සීසර්ගේ උපතින් පසුව බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්කතාලය වාර්තා කරයි. කෙසේ වෙතත් එම මූලාශ්‍රය දෝෂ සහිත බවටද මතයක් පවතී.

එක්සත් ජනපද වාර්තාවට අනුව රෝම අධිරාජ්‍යයා වු ජුලියස් සීසර්ගේ උපත සිදුවූයේ ජුලියස් සීසර්ගේ මව වු ඔරේලියාගේ උදරය පැලීමෙනි. පෞඩ රාජ්‍යයක් වු රෝමයේ දරු ප්‍රසූතියකදී මව මරණයට පත්වී නම් එම මවගේ උදරය පලා දරුවා ගැනීම නීතිමය කටයුත්තක් සේ සැලකීය. මක් නිසාද ඔවුනට යුද්ධයට ජනතාව අවශ්‍ය විය. එහෙත් ඔරේලියා සිටියේ දරු ප්‍රසූතියේදී අපහසු තත්වයක නොවේ. බුද්ධියෙන් ශක්තියෙන් හා නිර්භයත්වයෙන් වැඩි බව රෝම පාලකයෝ සැලකූ මිත්‍යා විශ්වාසයක් පදනම් කොටය. කෙසේ වුවත් ජූලියස් සීසර්ගේ මව යහතින් වසර 60 ක් ජීවත් වු බව ඉතිහාසය අපිට පෙන්වා දෙයි.

එහෙත් පසුව රෝම අධිරාජ්‍යයට වඩා රෝම අධිරාජ්‍යය විසින් මරා දැමු ජේසුස් ක්‍රිස්තුස්ගේ පල්ලිය බලවත් වු බැවින් යුරෝපයේ සීසේරියන් සැත්කම තහනම් කරනු ලැබීය. ඒ දෙවියන් වහන්සේ කිසිවෙකු කපා කොටා මනුෂ්‍යයෙකු බිහි කිරීම මනුෂ්‍යත්වය නිගාවක් යැයි කියා ඇති නිසා බව පල්ලිය එකල යුරෝපයට කියා තිබිනි.

එය තවදුරටත් සිසේරියන් සැත්කමින් ඔබ්බට ගොස් කිසිම මනුෂ්‍යයකු මොනයම්ම හෝ රෝගී තත්ත්වයක් මත කපා කොටා පරීක්ෂණය ‍හෝ නිරීක්ෂණය කිරීම කිසිවෙකුට හෝ කළ නොහැකි ලෙස පල්ලිය තහනම් කළේය. ඒ ක්‍රිස්තියානිය යුරෝපය පාලනය කළ මධ්‍යතන යුගයයි. එය විද්‍යාව ප්‍රතික්ෂේප කළ විද්‍යාව එකතැන පල්වලක් කළ අදුරු සමයකි. රෝගී මිනිසුන්ගේ සැරව පිරුණු විශාල ගෙඩි තුවාල හෝ වන කපා පිරිසිදු කළේ එවකට බාබර් යන ලතින් වචනයෙන් හැඳින්වු කොණ්ඩා කපන මිනිසුන්ය. වෛද්‍ය ක්ෂේත්‍රය ඒ සා දුප්පත් විය.

මධ්‍යතන යුගයේ අවසානයෙන් පසු සිසේරින් ශල්‍යකර්මයේ නිවැරදි හා සත්‍ය තොරතුරු අපට මුණ ගැසෙන්නේ 1580 ස්විට්සර්ලන්තයෙනි. වෛද්‍ය විද්‍යාව ඉතිහාසයේ සාක්ෂි සහිත සිසේරින් ශල්‍යකර්මය එයයි. ස්විස්ටර්ලන්තයේ Siegershausen ග්‍රාමයේ Jacob Nufer නමින් ජුදා ජාතික මස් මරන්නෙක් විය. හේ සිය පවුල ජීවත් කළේ උෟරන් ඇති කර උන්ව මස්කර විකිණීමෙනි. ජැකෝබ්ගේ බිරිඳ දරු ප්‍රසුතිය ස්වාභාවිකව කර ගත නොහැකිව දැඩි වේදනාවෙන් පෙලෙන්නට වු විට ජැකෝබ් ඒ සඳහා ගමේ මිනිසුන්ගෙන් උදව් පැතීය.

එකල වෛද්‍ය විද්‍යාව එතරම් ප්‍රගතියක නොසිටි නිසාත් ඒ ගමේ මේ පිළිබඳ දැනුමක් ‍ඇති වෛද්‍යවරු නොමැති නිසාත් ජැකෝබ්ට ඒ සඳහා උදව්වට දිව ආවේ වින්නඹු මාතාවන්ය. ගමේ වින්නඹු මාතාවන් 13 දෙනෙකු ජැකෝබ්ගේ බිරිඳගේ ඇඳ වටා සිටියද ඇයව මේ වේදනාවෙන් මුදවා දරුවා බිහිකරගත හැකි ක්‍රමයක් ඔවුන් නොදැන සිටියහ. ගැබිනි ගැහැණිය වේදනාවෙන් මොරදෙයි. එය ඇය පැයක් දෙකක් නොව දින දෙකක් පමණ අතිශය වෙහෙසකර වේදනා විඳි කාලයකි. ඇය සිටියේ මරණය වෙත ළංවෙමිනි.

තවදුරටත් ඉවසිය නොහැකි ජැකෝබ් ගම් ප්‍රධානියා ළගට දිවගොස් තම බිරිඳගේ බඩ පලා දරුවා එළියට ගැනීමට අවසර පැතීය. කළ හැකි වෙන කිසිවක් නොමැති නිසා ගම් ප්‍රධානියා ඊට අවසර දුන් විට මස්මරන්නා සිය ඊරියන්ගේ පැටව් ඇයට ප්‍රසුත කිරීමට අමාරු වනවිට ඊරියගේ බඩ පලා පැටවා එළියට ගන්නා ආකාරයට නමුත් ඉතාමත් ප්‍රවේසමෙන් බිරිඳට අබින් කවා සිහි මුර්ජාවට ඇගේ උදරය පලා දරුවා එළියට ගත්තේය. බිරිඳ නිරුපද්‍රිතව තවත් වසර 87 ක් ජීවත්වු අතර නිවුන් දරුවන් 4 දෙනෙකුට ඒ කාලය තුළ උපත දුන්නාය. සීසේරීන් කර ගත් දරුවා වසර 70ක් ජීවත් විය.

සත්ව පාලනය හා උන් කපාකොටා ලද අත්දැකීම් සහ උන්ගේ අභ්‍යන්තර සිරුරේ සැකස්ම පිළිබඳව ජැකෝබ් මනාලෙස දැන සිටියාට සැක නැත. ඔහුගේ අත්දැකීම් එම කර්තව්‍ය‍ය නිවරදි හා ප්‍රවේසම් ලෙස කිරීමට උපකාර වු අතර ජැකෝබ්ගේ ඒ නිර්භය ක්‍රියාව වෛද්‍ය විද්‍යාවට සිසේරින් සැත්කම් සඳහා පැවති අවධානම හා බිය පහකරවු ප්‍රධාන හැරවුම් ලක්ෂයක් විය.

[උපාලි ජයසිංහ]

මාතෘකා