නායකයන්ට ආරාධනා නැති දිවුරුම්දීමේ උත්සවයක්

 ඡායාරූපය:

නායකයන්ට ආරාධනා නැති දිවුරුම්දීමේ උත්සවයක්

පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස පත්වූ ඉම්රාන් ඛාන් මෙම මස 11 වනදා දිවුරුම්දීමට නියමිතය. දිවුරුම්දීමේ උත්සවයට කිසිදු රාජ්‍ය නායකයෙකුට ආරාධනා කර නොමැති වීම මෙහි විශේෂත්වයකි.

1992 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ ඉම් රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිස සිය පී.ටී.අයි දේශපාලන පක්ෂය කෙටි කලක් තුළ ඉහළම ජනප්‍රියත්වයට ගෙන ඒමට සමත් වූවේය.

බලයේ සිටි පී.එම්.එල්.එන්. දේශපාලන පක්ෂයේ දූෂිත ක්‍රියා හේතුවෙන් මෙවර මහ මැතිවරණය ජය ගැනීමට ඉම්රාන් ඛාන්ට හැකිවූ බව දේශපාලන විචාරකයෝ පවසති.

ඔහුගේ ක්‍රිකට් මිතුරන් කිහිප දෙනෙකුටම මෙම උත්සවයට ආරාධනාකර ඇත. එම ක්‍රිකට් මිතුරන් අතර සුනිල් ගවස්කාර්, කපිල්දේව්, නව්ජොට් සිං සිදු ආදි ඉන්දීය ක්‍රීඩකයෝද සිටිති.

මාතෘකා