මැවුම්කරුවාට අභියෝග කළ තරුණිය

 ඡායාරූපය:

මැවුම්කරුවාට අභියෝග කළ තරුණිය

අපි බොහෝ විට අපට අහිමි දේ ගැන සිතමින් දුක් වෙමු. මේ අතර තවත් පිරිසක් තමන්ට අහිමි වූ දෙය තමන්ගේ ශක්තිය බවට පත් කරගෙන ජිවිතය ජය ගනිති.
මේ එවන් තරුණියකි. කැනඩාවේ සිඩ්නි ක්‍රෝස්බේ කායවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබුණේ කාර්මික උද්‍යායනයට මුහුණලාය. කාය වර්ධන මධ්‍යස්ථානය තුළ පුහුණුවීම් කරන පිරිස අතර වයස අවුරුදු 31ක තරුණියක් සිටියාය. ඇයගේ සිතිවිලි කායෙවර්ධන මධ්‍යස්ථානයේ තිබූ යකඩවලට වඩා සවිමත්ව තිබිණි.

ලින්ඩ්සේ හිල්ටන් (Lindsay Hilton) ජීවත් වුණේ කැනඩාවේ, නෝවා ස්කොටියා පුදේශයේ පිහිටා තිබුණු හැලිෆැක්ස් හි. ඇය උපත ලබන්නේ දෑත් සහ දෙපා අහිමි අබාධිත දැරියක් ලෙසයි. නමුත් ඇය කුඩා කාලයේ සිටම ඇයගේ ජිවිතයට බාධක වූ සියල්ලටම ඈ අභියෝග කරනවා. ඇයගේ සිහින, ඇයගේ අභිප්‍රායන් සියල්ලම ඇයගේ ජිවිතේ ඉදිරි ගමන ඒ වෙද්දීත් තීරණය කර තිබුණි.

ඇයගේ දෑත් තිබුණේ වැලමිට දක්වා පමණයි. තම දෑත්වලට යකඩ දම්වැලකින් සෑදු රඳවනයක් සවි කර ගන්නා ඇය, හිසට ඉහළින් කිලෝ 45ක පමණ බරක් විසි කරන්නට සමත් වෙන්නේ දෑත් අහිමි වීම ඇයට කිසිදාක අභියෝගයක් නොවන බව පෙන්වමිනි.

ඇයගේ මුල්ම ඉලක්කය වුණේ පිහිනීම හා පාපන්දු ක්‍රිඩාවට යොමුවීමය. පස්සේ හොකී ක්‍රීඩාවට යොමු වේ. උසස් අධ්‍යාපනය ලබන කාලයේ ඇයගේ හිත දැඩි ලෙස එක් දෙයක් වෙනුවෙන් බැඳ්. ‍ෙඒ තුළින් ගලවා ගැනීමට නොහැකි තරම් ඇය එය හා ආදරයෙන් බැඳෙනවා කිව්වොත් නිවැරැදියි.

ඒ රග්බි ක්‍රිඩාවයි. රග්බි ක්‍රීඩා කළ හැකිද, දෑත් දෙපා අහිමි කෙනෙකුට? විශේෂයෙන්ම තරුණියකට? ඇය ඒ වචනයන්ට පවා අභියෝග කළ,  ඒ විතරක් නෙමෙයි, ඇය හරි අපුරු දෙයක් කියලා තිබුණා, ඒ ප්‍රශ්නය වෙනුවෙන්. "මිනිසා උත්සාහ නොකරන දෙයක් වෙනුවෙන් මාව පිස්සු වට්ටනවා." ඇයගේ පිළිතුර වුණා. කළ හැකිද, නොහැකිද යන්නට සිතීමට ඇයට කාලයක් තිබුණේ නෑ. මන්ද ඇයට පළමු සිතුවිල්ල ලැබුණු සැටියේ ඇය ඒ වෙනුවෙන් කැප වී වැඩ කළ නිසාවෙනි.

ඇය විශ්වවිද්‍යාලය තුළත්, ක්‍රිඩා සංගම් මට්ටමේ ද අනිත් ක්‍රීඩිකාවන්ට දැඩි තරඟයක් ලබාදීමට සමත් විය. ඒ දෑත් දෙපා සහිත ක්‍රීඩිකාවන් බිම දමමින් තමන්ගේ ගෝලයන් ලබා ගනිමින්ය. ඇයගේ ලොකුම ඉලක්කය වි තිබුණේ ක්‍රෝස් ෆිට් ක්‍රීඩා සංගමයේ සමාජිකත්වය ලබාගැනීමයි.

ඒ ඉලක්කය ඇයට දැඩි අභියෝගයක් එල්ල කළේය. නමුත් ඇයගේ දක්ෂ රග්බි ක්‍රිඩා විලාසය හේතුවෙන්ම ඇයට එහි සමාජිකත්වය දිනාගැනීමට හැකියාව ලැබේ. ඒ ඇය තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමත් සමඟයි. අද ඇය ප්‍රේමවන්තියකි.

ඒ ක්‍රොස් ෆිට් හි ඇයට හමු වු රග්බි ක්‍රීඩිකයෙකු මැට් මෙලසන්ගේ ආදරය ඇයට හිමිවීම නිසායි.

ලින්ඩ්සේෙගේ පුහුණුකාරිණිය වන්නේ ජෙනි ජෙෆ්රිය. ඇය කියන විදිහට ලින්ඩ්සේ ගේ මඟට අභියෝග කළ හැකි කිසිවක් නැත. මොන තරම් බාධක ආවත් ඇයගේ සිතුවිලි කිසිදිනක බිද වැටෙන්නේ නැති බවත් ඇය කියා තිබුණි.

ලින්ඩ්සේ හිල්ටන් කිසිදාක තමන්ගේ අබාධිත බව ලෝකයෙන් සැඟවීමට උත්සාහ ගන්නේ නෑ. ඇය කිසිදාක කෘතිම දෙපා පැලදුවේ ද ඇයගේ ජිවිතේ ඇයට අහිමි වූ දෙය ගැන සිතමින් කාලය ගත කළේ ද නැත. ඇය ඇයගේ ජිවිතය නිර්මාණය කළ මැවුම්කරුවාට අභියෝග කළාය. අද ඇය අන්තර් ජාතික කායවර්ධන ශූරතාවයක් වෙනුවෙන් කැපවීම් කරන්නේ එයින්ද ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණ ඇතිවය. එමෙන්ම ඇය පාසල් දරුවන්ට රග්බි ක්‍රීඩා පුහුණුව ලබාදෙන ගුරුවරියක් ලෙසද කටයුතු කරයි.

"මට ඕන හොඳම කෙනා වෙන්න" ඇයගේ සිතේ නිතරම තිබුණේ ඒ වචන ටිකයි. අහිමි වීම තුළ ජිවිතයත් අවසන් යැයි සිතනා බොහො දෙනාට ජිවිතයේ වඩා පරමාදර්ශි චරිතයක් වන්නට ඇයට හැකියාව ලැබුණේ ඇයගේ ඒ සාර්ථක සිතුවිල්ල නිසාමය.

[සංජේ රණවක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?