මොරොක්කෝවෙන් ඇරඹි ප්‍රංශයෙන් නතරවුණු අධ්‍යාපන ඇමතිනී : නජාට් වේල්ලුඩ් බෙල්කාසෙම්

 ඡායාරූපය:

මොරොක්කෝවෙන් ඇරඹි ප්‍රංශයෙන් නතරවුණු අධ්‍යාපන ඇමතිනී : නජාට් වේල්ලුඩ් බෙල්කාසෙම්

ජිවිතේ වැදගත් වෙන්නේ ඔබ උපත ලබපු තැන ෙහා් ඔබ ඉපදෙන විට ඔබ සතුව ඇති වත්කම කියලා  කියනවා නම් ඒ මතය වැරැදියි,  ප්‍රංශයේ දැනට 40 වෙනි වියේ පසුවන අධ්‍යාපන අමාත්‍යවරියගේ කතාව ඉහත මතය තහවුරු කරනු ඇති බව නම් නිසැකයි. ඇය නමින් නජාට් වේල්ලුඩ්-බෙල්කාසෙම්. ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ප්‍රථම කාන්තාවයි. එමෙන්ම ප්‍රංශයේ පුවත්පත්වලට අනුව එරට දේශපාලඥයින්ගෙන් දෙවන ස්ථානයට ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ද ඇයයි.

ඇය උපදින්නේ 1977 ඔක්තොම්බර් 04 වෙනිදා මොරොක්කෝවේ, නාදොර් පළාතේ, බිනි චිකර් වලදී. දරුවන් හත් දෙනෙකු ඇති පවුලක දෙවැනි දරුවා වෙමින්. ඇයගේ කුඩා කාලය ගොඩාක් දුරට ගෙවිලා ගියේ ඇයගේ සීයාට අයිතිව තිබූ ගොවිපොළේ දී. නජාට්ගේ පියා වුනු අහමඩ් ඇය ඉපදීමට පෙර ප්‍රංශයට සංක්‍රමණය වෙනවා ඒ උතුරු ප්‍රංශයේ නගරයක් වෙන අබිවිල් වෙතට. නජාට් වයස අවුරුදු හතරක් වෙද්දී, අහමඩ්ට රැකියාවක් ලැබෙනවා ඒ ප්‍රංශයේ වාහන නිෂ්පාදන ආයතනයක් වුණු රෙනල්ට්හි, සුළු කම්කරුවෙක් ලෙසට. මේ රැකියාව ලැබීමත් සමග 1982 දී අහමඩ් විසින් නජාට්වයි ඇයගේ වැඩිමල් සහෝදරිය වුණු ෆතිහායි ඔවුන්ගේ මවයි ප්‍රංශය වෙත ගෙන්වා ගන්නවා.  ඇයට කිසිදු ප්‍රංශ වචනයක් කතා කරන්න බැරි වුණා. අහමඩ් දැඩි ලෙස ප්‍රංශ ජිවිත රටාවට හුරු වී තිබුණත් ඔහුගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් එකට හුරු වීමට නොහැකි වී තිබුණා. නජාට්ටත් ෆතිහාටත් ඔහුගේ පියාගේ දැඩි නීති හමුවේ අධ්‍යාපනය ලැබීමට සිදු වු අතර පිරිමි ළමූන් සමග ගනුදෙනු පවා තහනම් කර තිබුණා. මේ නිසාම නජාට් ජිවිතේ ගොඩාක් කාලයට ඇයට නුහුරු වූ ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම වෙනුවෙන් වෙන් වී ගියා. කාලයත් සමග ඇයට ප්‍රංශයේ පුරවැසිභාවය හිමි වෙනවා. ඒ ඇය නිති ශිෂ්‍යාවක් ලෙස ආමියන්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමත් සමගයි.

මේ අතර දී තමයි ඇයට දේශපාලන විෂය ගැන අදහසක් ඇති වෙන්නේ ඒ නිසාම ඇය පැරිසියේ තිබූ දේශපාලන විද්‍යායාතනයකට ඇතුල් වෙන්න තීරණය කරනු ලබනවා. ඇය ප්‍රවේශ විභාගය ඉහළ ලකුනු සමග සමත් වෙන්නට සමත් වෙනවා. ඇය එහි අධ්‍යාපනය ලැබුවේ දුෂ්කර ආර්ථික තත්ත්වයක් යටතේ, මොකද විද්‍යායාතනයට ගෙවීමට තරම් වත්කමක් ඇයගේ දෙමාපියන් සතුව තිබුෙණ් නැති නිසා.   ඇයත් සමගම උපාධිය ලබා ගත් තරුණයෙක් වූ බොරිස් වේල්ලුඩ් සමග 2005 දී ඇය විවාහ වෙනවා.  

ඇයගේ දේශපාලන දිවිය ආරම්භ වෙන්නේ 2002 දී ඇය ප්‍රංශයේ සමාජවාදී පක්ෂයට එකතු වීමෙන්. ප්‍රංශයේ විශාලම නගර අතරින් දෙවන ස්ථානය හිමි කර ගන්නා ලියොන්වලදී ඇයගේ ප්‍රථම දේශපාලන හඩ අවදි කරනු ලබනවා ඒ 2003 වසරේ දී එකල පුරපති අපේක්ෂකයා වූ ජේර්රාඩ් කොලොම්බ් ගේ කණ්ඩායමේ සමාජිකාවක් මෙන් ම ජේර්රාඩ්ගේ උපදේශිකාවක් ද වෙමින්. ඇයගේ දැඩි වාග් ශෛලිය නිසාමත් ප්‍රයෝගික ලෙස සටන් කළ ආකාරයත් නිසාම ඇය එකතු වී සිටි කණ්ඩායම මැතිවරණය ජය ගනු ලබන්නේ ඇයට ලියොන්වල මන්ත්‍රී ධූරයක් ද හිමි කර දෙමින්.  2012 දී ඇයගේ දැඩි කැප වීම හා උත්සහය මත ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ නායකයා වුණු ෆැන්සූවා හොලන්දේ ගේ නායකත්වය යටතේ ඔහුගේ රජයේ කාන්තා කටයුතු ආමත්‍ය ධූරය හිමි වෙනවා. කාන්තා කටයුතු ආමත්‍යධූරයෙන් පසුව ඇයට තවත් ප්‍රංශයේ ප්‍රබල ම අමාත්‍යංශ කිහිපයකම වගකීම් හිමි වෙනවා. ඒ අතර කාන්තා අයිතිවාසිකම් සදහා වු අමාත්‍යංශය, නගර කටයුතු පිළිබද අමාත්‍යංශය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයයි.

2014 දී ප්‍රංශයේ කැබිනට් මණ්ඩලයේ සිදූ වු දැවැන්ත කඩා වැටීමත් සමග ඇයට ඇය සිටි අමාත්‍යංශය අහිමි වෙලා ගියත් ඇයට ඊළගට ලැබෙන්නේ  අධ්‍යාපනය අමාත්‍යංශයයි.   ප්‍රංශයේ අනාගතය තීරණය කරනු ලබන අමාත්‍යංශය බව ඇය හොදින් ම දැන ගෙන සිටියා. ඇය ඉගෙන ගන්න ගත් වෙහෙස හා ඇය හැදි වැඩුණු පරිසරය නිසාම ඇයට අධ්‍යාපනයේ වටිනාකම තදින් ම දැනී තිබුණා.

ඇයගේ පෞද්ගලික ජිවිතයත් ඇය ඉතාමත් ප්‍රීතයෙන් හා සතුටින් ගත කරන බවටත් ඇයගේ කුඩා කාලයේ ඇය හැදී වැඩුණු සීයාගේ ගොවිපොළ වෙනුවෙන් ද ඇයගේ කාලය යොදවන බව සදහන් වෙනවා. ඉතින් ඇයගේ කතාව ගැන නිතරම අහන අයට ඇය දුන් අපුරු පිළිතුරක් ද තිබුණා.“මම නිතරම කියන දෙයක් තමයි දේශපාලනයේ නිරත වෙලා ඉන්න තරුණ දරුවන් ට, ඔබේ අනාගතය තුළ ඔබට සතුටු වීමට අවශ්‍යය නම් දැන් ම එහි සැලැස්මේ කොටස්කරුවෙක් වෙන්න. ”

[සංජේ රණවක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?