ට්‍රම්ප් පාලනය අකර්මණ්‍යයි | ඇස පාදන රැස


ට්‍රම්ප් පාලනය අකර්මණ්‍යයි

Who will be blamed for a government shutdown? ඡායාරූපය:  AP Photo/J. Scott Applewhite
.Who will be blamed for a government shutdown?
ඡායාරූපය: AP Photo/J. Scott Applewhite

ට්‍රම්ප් පාලනය අකර්මණ්‍යයි

ඇමෙරිකානු රජයේ වියදම්වලට අදාළ පනත් කෙටුම්පත් සෙනෙට් සභාවේදී අකර්මණය වීමත් සමඟම ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ බොහෝ ආයතන අකර්මණය වීම ආරම්භ වී තිබේ.

ඇමෙරිකානු ව්‍යවස්ථාදායකය ලෙස සැලකෙන්නේ එරට කොන්ග්‍රස් මණ්ඩලයයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා කොන්ග්‍රස් මණ්ඩලය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය කෙටුම්පත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වී ඇතද සෙනෙට් සභාවේදී එය පරජායට පත් වී ඇත. ඒ සමඟම මෙම අර්බුධය පැන නැගී ඇත.

අදාළ පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 230ක් සහ විපක්ෂව ඡන්ද 197ක් ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබිණි. පෙබරවාරි 16 වෙනිදා දක්වා රජයේ ආයතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැය වෙන්කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු එම පනත් කෙටුම්පත් සම්මත වීම සඳහා අවම වශයෙන් ඡන්ද 60ක් වත් සෙනෙට් සභාවේදී ලැබිය යුතුව තිබිණි.

නමුත් සංක්‍රමිණකයන් සහ දේශසීමා ආරක්ෂාව මුල්කර පැවති දැඩි විවාදයන් හමුවේ සෙනෙට් සභාව තුළ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය එම පනතට පක්ෂව ලැබී නොමැත.

ඇමෙරිකානු ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන කොටස් දෙකකින් සමන්විත වන අතර එම කොටස් දෙක තුළම බහුතර බලය දරන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය. එවැනි තත්වයක් තුළ මෙවැනි තත්වයක් නිර්මාණය වීම විරල මෙන්ම සුවිශේෂී සිදුවීමක්ද වෙයි.

විධායකට අවශ්‍ය පරිදි ව්‍යපස්ථාදායකය වැය අනුමත නොකිරීම තුළ ෆෙඩරල් රජයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අරමුදල් රහිත තත්වයකට පත්වීමට නියමිත වේ. ඒ ගැන මේ වනවිට දැඩි අවලාද සහ විවේචන එල්ල වෙමින් පවතී.

2013දීද මෙවැනි සිදුවීමකට ඇමෙරිකාව මුහුණ දුන් අතර එම අර්බුදය දින 16ක් පුරාවට පුරාවට බල පැවැත්විණි. එම සිදුවීම ඔබාමා පාලනයට පමණක් නොව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ටන්ගේ දේශපාලන ජීවිතයටද දැඩි බල්පෑමක් එල්ල කිරීමට සමත් විය. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන නමුත් බොහෝ රාජ්‍ය ආයතන වසා දැමනු ලැබේ. එමෙන්ම බොහෝ රාජ්‍ය සේවකයන්ට වැටුප් රහිත නිවාඩු යෑමට සිදුවනු ඇත.

මෙවැනි ගැටළුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස පත් වී වසරක් පමණක් ඉක්මවා ගොස් ඇති තත්වයක් තුළ වීමද විශේෂිතය. මෙය අර්බුදය හේතුවෙන් ඇමෙරිකානු ආර්ථිකයට සතියකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක අලාභයක් සිදු වන බව ඇස්තමේන්තුගත කර තිබේ.

මේ අතර රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය මෙම සිදුවීම ගැන එකිනෙකාට දොස් පවරමින් තියුණු වාග් සංග්‍රාමයක නිරත වෙයි.

පසුගිය සමය පුරාවට නොයෙක් ජාතීන්ට පුද්ගලයන්ට වාග් ප්‍රහාර එල්ල කරමින්, ආන්දෝලනාත්මක හැසිරීමක් පෙන්වූ වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බලය මේ සිදුවීම නිසා දැඩි තර්ජනයකට ලක්ව ඇති බව පැහැදිලි කරුණකි.

මාතෘකා