අහස් ගඟ

 ඡායාරූපය:

අහස් ගඟ

අධිරාජ්‍යයකුගේ ප්‍රේම කතාව

ලොව ප්‍රකට නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා ගැන ඔබ මීට කලින් අසා ඇතිවාට කිසිම සැකයක් නැහැ. ඔබ ඔහු ගැන අසා ඇත්තේ කෙසේද? අධිරාජ්‍යයෙක්, සෙන්පතියෙක් ලෙසද? නැතිනම් ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙක් ලෙසද? ඔහු පිළිබඳව මේ සියලු හැඳින්වීම් සත්‍ය වුවත් නැපෝලියන් තුළ අතිශයින් සුන්දර ප්‍රේමවන්තයෙක්ද සිටියේය. මාරි ජොසපින් ඔහුගේ සර්වකාලාත්‍ර පෙම්වතියයි.

ප්‍රංශයේ විසූ තිස් දෙහැවිදිරි දෙදරු වැන්දඹුවක් වූ මාරි ජොසපින් රෝස් ටස්චර් ඩි ලා පැගාරි පළමුවරට නැෙපා්ලියන්ට මුණගැසුණේ 1795 වසරේදීය. නැෙපා්ලියන් ඇයට වඩා සය වසරක් ළාබාලය. එහෙත් ඔවුන් අතර ඇතිවූ ප්‍රේමයට එය බාධාවක් වූයේ නැත. රූමත් කාන්තාවක් නොවූවත් ඇය සමාජයේ හැසිරිය යුතු ආකාරය මැනවින් දැන සිටියාය. ඇය මුලින් හැඳින්වූයේ රෝස් නමින් වුවද නැපෝලියන් ඇය ආමන්ත්‍රණය කළේ ජොසපින් යනුවෙනි. නැපෝලියන් ජොසපින්ට අසීමිතව ආදරය කළේය. “ඔහු මට ආදරය කරනවා නොවේ. ඔහු මාව වන්දනා කරනවා.” යැයි ජොසපින් වරක් පැවසුවාය.

මේ ආදරය ගැන ලෝකය වැඩියෙන්ම කතා කළේ ඔහු ඇයට ලියූ ප්‍රේමය සහ ශෘංගාරය පිරී ඉතිරෙන පෙම් හසුන් නිසාවෙනුයි.

“ඔබ පිළිබඳව ආදරයෙන් මා පිරී ඇත. ඔබේ රුව සහ ඊයේ සවස අප ගතකළ සැඳෑව පිළිබඳව මතකයන් මගේ සිතිවිලි රැය පුරා කැලඹුවේය.

ආදරණීය සහ අසමසම ජොසපින්! ඔබ මසිත තුළ ඇතිකළ මේ අසිරිමත් විපර්යාසය කුමක්ද?”

නැපෝලියන් එසේ ලීවේය.

නැපෝලියන් 1976 මාර්තු 9 වැනිදා ජොසපින් විවාහ කරගත්තේ ඔහුගේ පවුලේ විරෝධතා මාධ්‍යයේයි. විවාහ මංගල්‍යයෙන් දින දෙකකට පසු ඔහු ඉතාලියේ යුද පෙරමුණට යා යුතු විය. අලුත ගෙනා මනමාලියගෙන් තාවකාලිකව වෙන්වීමෙන් ඇතිවූ ශෝකයෙන් පෙම් හසුන් රැසක් ලියවිණි.

“මගේ හදවත සසල කිරීමට සහ හැසිරවීමට හැක්කේ ඔබට පමණමය.” ඉතාලියේ සිට ඔහු පැවසීය.

“මගේ ජොසපින්, ඔබෙන් තොරව මට කිසිම ප්‍රීතියක් නැත. ඔබ දුරස් වූ විට ලෝකය කාන්තාරයක් වෙයි. මගේ හද විවර කළ නොහැකි වෙයි. ඔබ මගේ හදවතේ වැඩි ප්‍රමාණයක් සතුකරගෙන ඇත. ඔබ මගේ ජීවිතයේ එකම සිතිවිල්ලයි.”

නැපෝලියන් කොයිතරම් ආදරයෙන් ලියුම් ලීවත් ජොසපින් ඒවාට පිළිතුරු ලිවීමට උනන්දු වූයේ නැත. මහා සංග්‍රාම අතරතුරදි පවා ඇයගෙන් පිළිතුරු ලිපි ලැබුණාදැයි නැපෝලියන් සොයා බැලුවේය. නොලැබුණු බව දැන ගත් විට දැඩි ලෙස ශෝක විය..

“ඔබේ ලිපි මාව සතුටට පත්කරයි. එහෙත් දැන් මා සතුටු වන දිනක් උදාවන්නේ ඉතාම කලාතුරකිනි.” නැපෝලියන් 1796 අප්‍රේල් 24 දින එසේ ලීවේ ජොසපින්ගේ ලිපියක් එනතෙක් දවස් ගණනාවක් බලා සිටීමෙන් අනතුරුවයි. ඔහුගේ ආදරය අසීමිතව තමන් වෙත ලැබෙන බව දන්නා නිසා ඇය වැඩියෙන් තම ආදරය නැපෝලියන්ට නොපෙන්නුවා විය හැකිය.

මේ විවාහ දිවිය වසර ගණනාවක් ගලාගෙන ගියත් නැපෝලියන්ගේ අධිරාජ්‍යය ඉදිරියට ගෙන යෑමට උරුමක්කාරයෙක් බිහිකිරීමට ජොසපින්ට නොහැකි විය. ඥාතීන්ගේ සහ අමාත්‍ය මණ්ඩලයේ දැඩි බලපෑම් මත 1810 දී නැපෝලියන් ජොසපින් සමග විවාහය අවසන් කළේය. අනතුරුව ඔහු මාරි ලුයිස් නමැති 19 හැවිදිරි ඔස්ට්‍රියානු ජාතික තරුණියක් ආවාහ කරගත්තේය. ජොසපින් පැරිසිය අතහැර විප්‍රවාසි වූවා.

මාරි හා විවාහ වීමෙන් පසු ඔහු තම අධිරාජ්‍යය වඩාත් පුඵල් කරගත්තත් ඉන්පසු උදාවූයේ නැපෝලියන්ගේ පරිහානි සමයයි. 1814 මැයි 29 සිදුවූ ජොසපින්ගේ මරණය පිළිබඳව ප්‍රවෘත්තිය නැපෝලියන් ප්‍රංශ සඟරාවකින් දැන ගත්තේ එල්බා දූපතට පිටුවල්කර සිටියදීය. එම පුවත දැක මහත් කම්පාවට පත්වූ ඔහු දින දෙකක්ම කාමරයට වී දොර වසාගෙන සිටියේය. කිසිවකු හමුවීම ප්‍රතික්ෂේප කළේය. “සත්‍ය වශයෙන්ම මම ජොසපින්ට ආදරය කළෙමි. එහෙත් ඇයට ගරු කිරීමට මට නොහැකි විය.” නැෙපා්ලියන් පසුකලෙක පැවසුවේය.

නිතරම දුරස්වී සිටි නිසාදෝ විවාහ වී සිටියදීත් නැපෝලියන් සහ ජොසපින් යන දෙදෙනාම වෙනත් සම්බන්ධතාද ඇතිකරගත් බව කියවෙයි. එහෙත් මුලදි පැවසුවාක් මෙන් නැපෝලියන්ගේ සර්වකාලීන පෙම්වතිය වූයේ ජොසපින්ය. වසර හතක් පමණ සෙන් හෙලේනා දූපතේ හුදෙකලා, පිටුවහල් ජීවිතයක් ගතකළ නැපෝලියන් 1821 මැයි 05 වැනිදා මියගියේය. ඒ, “ප්‍රංශය, හමුදාව, හමුදා ප්‍රධානියා සහ ජොසපින්” යන වචන හතර අවසන් මොහොතේදී වාතලයට මුසුකරමිනි.

[සුපුන් අතුකෝරල]

මාතෘකා