බ්‍රැන්සන්ගෙන් පාඩමක්...

 ඡායාරූපය:

බ්‍රැන්සන්ගෙන් පාඩමක්...

 “ඔබ මිනිසුන්ගේ ජීවිතවල හැඩය වෙනස් කරන්නට අසමත් වේ නම් ඔබ ව්‍යාපාරිකයෙක් නොවේ...එය ඒ තරම්ම සරලයි.”

මෙහෙම කියන්නේ ලෝකයේ දැවන්ත ව්‍යාපාර ජාලයක් ගොඩ නගාපු රිචඩ් බ්‍රැන්සන්…

ඔබ දැනටමත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් හෝ නව ව්‍යාපාරයක් අරඹන්නට සිහින දකින්නෙක් විය හැකියි. ව්‍යාපාරයක් කියන්නේ ඔබ යම් නිෂ්පාදනයක් කිරීම හෝ නිමැවුමක් අලෙවි කිරීම වෙන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාරය ඔබ සිතු පැතු තරම්, ඔබ සිහින දුටු තරම් සාර්ථක නොවන්නට හේතු වූ කරුණු සම්පිණ්ඩනයක් ලෙස ගෙන බැන්සන්ගේ ප්‍රකාශය පිළිබඳ සිතන්න.

බ්‍රැන්සන් විටෙක මෙහෙම කියනවා.

“තරගයකට යොමුවෙන්න ශක්තිය යොදා, නියම අවස්ථාවේ

ඔබගේ තරගකරුවන් ඔබ අභිබවා යන්නත්, ඔබගේ ගනුදෙනුකරුවන් සීමිත වෙන්නත්, දියුණුව මන්දගාමි වෙන්නත් හේතුව ඔබ සමාජයට බලපෑමක් සිදුවෙන ආකාරයේ නිපැයුමක් හෝ අලෙවි ක්‍රමයක් භාවිතා නොකිරීමයි.”

හිතල බලන්න. මොන ක්ෂේත්‍රයෙන් බැලුවත් නිකන්ම හිතට එන නම් කිහිපයක් තියෙනවා...ඔවුන් තමන්ගේ ස්ථානය අරගෙන ඉන්නෙ කොහොමද කියන දේට නිශ්චිත ආකාරයක් තියෙනවා.

කරන්නන් වාලේ බිස්නස් කරන්න යනවට වඩා දැනගෙන බිස්නස් කරන්න උත්සාහ කරන්න. දැන් බිස්නස් පටන් ගන්න අවස්ථා ඕන තරම් බිහිවෙලා තියෙනවා. ව්‍යාපාර ඔන්ලයින් වෙලා. ඔබ සමාජ ජාල භාවිතා කරන්නෙක් නම් දවසකට නව ව්‍යාපාර කීයක් ඇස ගැටෙනවාදැයි සිතන්න. ඒ තරම් ඉඩහසර තියෙන තාක්ෂණික ලෝකයක රඳා පවතින ශක්තිමත් අරටුවක් ඇති දැවන්ත ගසක් වවන්නට නම් ඔබ අනෙකා කරන දෙයට වෙනස් අලුත් දෙයක් නව ආරකින් ඉදිරිපත් කරන්නට සමත් විය යුතුයි. මෙම සුවිශේෂි වෙනස කරන්නට පෙර ඔබ සවිඥානික විය යුතුය.

පළමුව ඔබ ඔබගේ “ශක්තින්” හා “දුර්වලතා” නිසැක ලෙස හඳුනාගන්න. ඉන්පසුව ඔබ පිවිසෙන්නට අරමුණු කරගෙන සිටින ක්ෂේත්‍රයට අදාලව පවතින “අවස්ථා” සහ “තර්ජන” පිළිබඳව අවධානය යොමු කරන්න. දැනටමත් ඔබ ව්‍යාපාරයක් කරන්නේ නම් එයටද මෙම කරුණු හතර අදාළ කරගන්න. මේක ජීවිතේ හැම තීරණයකටම උදව් කරගන්න පුළුවන්. ජීවිතේ ගොඩයන්න එක එක බාහිර බලවේග පස්සේ නොයා තමන්ටම උත්සාහ ගත හැකිද යන්න පිළිබඳ තීරණයක් ගන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න.

කවුද මේ බ්‍රැන්සන්?

රිචර්ඩ් චාල්ස් නිකලස් බ්‍රැන්සන්. එහෙම තමයි ඔහුගේ සම්පුර්ණ නම සඳහන් වෙන්නේ. උපන්නේ 1950 අවුරුද්දෙ. ඒ කියන්නෙ ඔහුට මේ වෙද්දි වයස 68ක්. වයස අවුරුදු 16 දි ඔහු “ස්ටුඩන්ට්” නමින් සඟරාවක් පලකරමින් ඔහුගේ අනාගතයේ පෙරනිමිති පෙන්නුම් කළා. පසුව “වර්ජින්”නමින් අරඹන ලද ව්‍යාපාරය සුවිශාල ගුවන් සමාගම් ඇතුළුව 400 කට වැඩි සමූහයක් දක්වා ගෙන යන්නට ඔහුට හැකි වෙනවා.

“මගේ කන්‍යාභාවය නැතිවීම (Loosing my virginity) නමින් විවාදාපන්න තම ස්වයං චරිතාපදානය එළිදක්වපු බ්‍රැන්සන් මේ වෙනකොට ව්‍යාපාරික ලෝකයේ විශාල ඉඩක් හිමිකරගෙන තියෙනවා. ඔහුගේ ලිපි ලේඛන නිරන්තරයෙන් කියවීමට ලක්වෙන සඟරාවල පිටු අතරට අනිවාර්ය පූරකයක් බවට පත්වෙන්නෙ ඔහු දිනා සිටින පාඨක ප්‍රසාදය නිසයි.”

ජීවිතයේ අපිට ලැබෙන අවස්ථා ගැන ඔහු මෙහෙම කියනවා.

“යමෙකු ඔබට පුදුමාකාර අවස්ථාවක් දුන්විට එය ඔබට කළ හැකි යයි විස්වාස කිරීමට නොහැකිවුවත් එය පිළිගන්න. පසුව එය නිවරදිව කරන්නට ඉගෙන ගන්න. ඔබ පරිපුර්ණ කෙනෙක් නොවේ. කලාතුරකින් හිමිවන අවස්ථා ඔබගේ බය නිසා ප්‍රතික්ෂේප කළ අවස්ථා සිහිපත් කරන්න. ඔබට මඟහැරී ගිය එවැනි අවස්ථාවන්හි විපුල ඵල නෙළාගත්ත, දන්න කියන අය මතකයට ගන්න. රැකියාවක්, ආයෝජන අවස්ථාවක් හෝ මේ කුමන දෙයක් වුණත් පරිපුර්ණව ඉගෙනගෙන කිරීමට හැකියාව කිසිවකුට නොමැති වෙන්නේ ඒ අවස්ථාවෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් ඇති නිසයි. ගොඩ ඉඳන් පිහිනන්න බෑ වගේමයි අවස්ථාවට මුහුණ දීලා ඒ මගින් ඉගෙනගන්න දෙයින් ලැබෙන ප්‍රායෝගික දැනුම. ඒක මහමෙරක් තරම් වටිනවා.”

“ව්‍යාපාරික සාර්ථකත්වය යනු සබඳතා ඇති කරගැනීමයි” යන්න තදින් විශ්වාස කළ බ්‍රැන්සන්, නයිට් පදවියෙන් පිදුම් ලබන්නේ නවෝත්පාදනයත්, ව්‍යවසායකත්වයට දැක්වූ දායකත්වය නිසයි. ලැබෙන අවස්ථාවන් නිසි පරිදි කළමණාකරණය කරමින් නව ව්‍යාපාරික සබඳතා සොයා යන්න. ඔබගේ මේ සබඳතා මගින් ඔබට සිතාගත නොහැකි අවස්ථාවන් ලබාදෙනවා නිසැකයි. මගතොටදී, ඔබගේ රැකියා ස්ථානයේදී, ව්‍යාපාරයේදී හමුවන සියල්ලන් සුහදව ඇසුරු කරන්න. ඔවුන් ඔබට නොමිලේම ප්‍රචාරය, නව අවස්ථා වගේම අඩුපාඩු හඳුනාගන්න ඉඩහසර ලබාදෙන්නෙ හරිම ලෙංගතුකමින්. සමහර හිතවතුන් ඔබටත් වඩා ඔබේ දියුණුව ගැන යෝජනා ගෙන ඒවි.

බ්‍රැන්සන් අතිසාර්ථකත්වයෙන් ලද අත්දැකීම් තුළින් මෙලෙස පවසනවා..

“ඔබ රවන්නට ගත කරන කාලයට වඩා සිනහවෙන්න. එමෙන්ම විවෙචනයට යොදවනවට වඩා කාලයක් යමෙක් හෝ යමක් අගය කරන්න”

[ මේනක මදුජිත්]

මාතෘකා