උසස් අධ්‍යාපනයට සමුදීමි

 ඡායාරූපය:

උසස් අධ්‍යාපනයට සමුදීමි

 කැරලිකරුවකුගේ ක්‍රිකට් ජීවිතය

ස්ටීවන් ස්මිත් කැරළිකරුවෙකි. ඔහුගේ මෙතෙක් දිගහැරුණු කෙටිකාලීන ජීවිතය පුරා ඇත්තේ එකී කැරළිකාරී භාවයමය. එමෙන්ම ඔහුගේ ජීවිතය පුරා අනුවර්තනය වීම් බොහොමයක් දැකගත හැකිය. පසුගියදා සිදුවූ පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හඬා වැටෙමින් සමාව ඉල්ලා සිටියේද පුනරුත්ථාපනීය කුසලතාව, වටහා ගැනීමේ නුවණ හා අනුගත වීමේ ශක්‍යතාව හේතුවෙනි. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ගොඩනැගීම තරුණයකුගේ කැපවීමේ ස්වභාවය සම්බන්ධයෙන් උද්ධෘතයක් බඳුයැයි “ද ජර්නි ස්ටීවන් ස්මිත් - මයි ස්ටෝරි ප්‍රොම් බැක්යාර්ඩ් ක්‍රිකට් ටු ඕස්ට්‍රේලියන් කැප්ටන් ” - යන නමින් බ්‍රයන් මුර්ගාට්‍රොයිඩ්ගේ කෘතිය පරිශීලනය කරද්දී අවබෝධ වෙයි. අප එය සිංහලට අනුවර්තනය කර ‘රැස’ පුවත්පතේ බදාදා දිනයන්හිදී කොටස් වශයෙන් ගෙන එන්නේ එය ‍යෞවනයන්ගේ ජීවිතාදර්ශයක් ලෙස සැලකිය හැකි බැවිනි.

එංගලන්තයේ සංචාරය කර වසරක් ගතවීමටත් පෙර සියරට පැමිණ 2007 වසරේ වනවිට මට මීට පෙරකීවාක් මෙන් මගේ ජීවිතය හරස් මගකට පිවිස ඇතිබව වැටහී ගියේය. මා නිසැක වශයෙන්ම අනාගතයේ ගමන් ගත යුතු මාර්ගය කුමක්දැයි ඒ අනුව තීරණය කිරීමට නියමිත වුණේය. ඒ වනවිටත් මම මෙනායි උසස් පාසලේ ශිෂ්‍යයකු වශයෙන් කටයුතු කරමින් සිටියෙමි. නමුත් එහි අධ්‍යාපන කටයුතු වලදී උසස් යමක් කිරීමට මට හැකිවූයේ නැත. මගේ එකම අරමුණ හා පූර්ණ අවධානය යොමුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධවීම ඊට හේතුවයි.

මම මා පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මගේ මිත්‍රයකුවූ එවකට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි මයිකල් ක්ලේඩන්ට පැහැදිලි කිරීමි. එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට මගේ ඇති කැමැත්ත ගැන ඔහු හා කළ පාපොච්ඡාරණය සමඟින් ඔහු ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් ඇතැයි මට පැහැදිලි කළේය. ඒ සඳහා ඇතිකරගත යුතු සම්බන්ධතා කීපයක් පිළිබඳවද ඔහු මට ප්‍රකාශ කළේය. ඊට අවශ්‍ය පූර්ව මාර්ගයද ඔහු සකසා දෙනු ලැබිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ තලයට මා ළඟාවිය යුතුව ඇතැයි මම ඔහුට පැහැදිලි කෙරීමි. ඊසාන දිග එංගලන්තයේ සම්බන්ධතා කීපයක් ඒ අනුව මට ඔහුගෙන් ලැබිණි.

මේ අනුව තවදුරටත් පාසල් යායුතුද එසේත් නැතහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලිය යුතුද යන උභතෝකෝටිකයට මම මුහුණදී සිටියෙමි. එවකට මම සිටියේ උසස් විදුහලේ 12 ශ්‍රේණියේ සිසුවකු වශයෙනි. නිව් සවුත් වේල්ස් හි වයස් කාණ්ඩ කණ්ඩායමට හා පාසලේ ක්‍රිකට් කණ්ඩායම එකල මා නියෝජනය කළ බව කිවයුතුය. මේ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ කාර්ය බහුලත්වයත් සමඟින් මා සිටියේ පාසල් කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී පසුබිමකය. මෙහි උපරිම තලය වාර්තා වුණේ උසස් අධ්‍යාපන සහතික පත්‍ර විභාගය අසමත්වීමත් සමඟය.

එසේ වීමට හේතුව වූයේ පාසලේ ක්‍රිකට් තරග වෙනුවෙන් මා ක්‍රීඩා කිරීම බව ගුරුවරුන්ගේ මතය විය. මගේ පුහුණුකරුවන් හා පාසල් බලධාරීන් මා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කළේ ඒ අතරය. ට්‍රෙන්ට් වුඩ්හිල්, සවුත් වේල්ස්හි සුබසාධක නිලධාරියා වශයෙන් කටයුතු කළ ටෝනි ලුවිස් හා පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

මෙහිදී ටෝනි ප්‍රකාශකළේ මා උසස් විදුහලේ සම්පූර්ණ කාලය ගත කිරීම වැදගත් බවය. නමුත් ට්‍රෙන්ට් දැරුවේ ඊට සපුරා වෙනස් ස්ථාවරයකි. මගේ ආශාව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට හෙයින් ඉවත්වීම වැදගත්වන බව ඔහු සඳහන් කළේය. වාසනාවකට මෙන් ඔහු සමග නියෝජ්‍ය විදුහල්පතිවරයාද එකඟවිණි. පුදුමයකට මෙන් මගේ තීරණය සමඟ මාපියෝද එකඟ වූහ. එය පාසලෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කොළ පැහැ සංඥාවක් දැල්වූ පළමු අවස්ථාව වූයේය. ඒ අනුව උසස් අධ්‍යාපන සහතිකයක් නොමැතිව මා පූර්ණ කාලීනව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමට උසස් පාසලෙන් නිකමකු මෙන් ඉවත්වන්නට තීරණය කළෙමි.

මා විදෙස් ගතව ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය කදිමයැයි මාපියන්ගේද තීරණය විය. ඒ අනුව 2007 වසරේ අප්‍රේල් මාසයේදී මම එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යාමට තීරණය කළෙමි. ඒ වනවිට මගේ 18 වැනි උපන්දිනයට මාස කීපයක් ඉතිරිව තිබුණා මට මතකය. යන්තමින් වැඩිහිටියකු බවට වත් පත්නොවුණු මා වාසනාව සොයමින් ජීවිතය යාත්‍රා කිරීම ආරම්භ කරන්නට සූදානම්ව සිටියෙමි.

කිසිදු නිශ්චිත භාවයක් නොමැතිව ජයග්‍රහණය උදෙසා අදාළ ඉලක්කය සාධනය කරගනු රිසින් මා මෙම ගමන පිටත්ව යාමට සැලසුම් කළ බව කිවයුතුය. එංගලන්තයේ මැන්චෙස්ටර් බලා පියාසර කළ දිනය මට කිසිදා අමතක නොවන අත්දැකීමක් විය. එය තරමක පුදුම සහගත බවක් මා තුළ ඇතිකර තිබූ නමුත් තැතිගැන්මක් ඇතිකර නොතිබුණේයැයි කිව හැකිය. මැන්චෙස්ටර් නුවරට ගිය පසු මා දුටුවේ අදාළ ක්‍රීඩා සමාජය තුළ විදේශීය ක්‍රීඩකයන් වර්ගීකරණය කරන ආකාරයය.

ලබන සතියේ මොකද වුණේ?

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා