අපේ ආදරය ඔවුන් සමග බෙදාගමු

 ඡායාරූපය:

අපේ ආදරය ඔවුන් සමග බෙදාගමු

මෙලොව උපන් සෑම මිනිසෙකුටම ජීවත් වීමේ සාධාරණ අයිතියක් ඇත.  කතා කරන භාෂාව සිංහල, දෙමල, හිංදු, අරාබි, ඉංග්‍රීසි, මැලේ හෝ වෙන  කිසියම්ම ඌ භාෂාවක් මත වෙනස් නොවිය යුතු පොදු අයිතියකි. එය අදහන ආගම බෞද්ධ,  හිංදු, මුස්ලිම්, ජෛන, ක්‍රිස්තියානි හෝ වෙන කිසියම්ම ආගමක් මත වෙනස් විය  යුතු අයිතියක් නොව. එය සැමට පොදු අයිතියකි. සමේ වර්ණය මත පදනම්ව වෙනස් විය  යුතු දෙයක් නොව එය පොදු අයිතියකි. භාෂාව යනු අදහස් හුවමාරු කරගැනීමේ පහසුව  වෙනුවෙන් යොදාගන්නක් අතර එය යොදාගත යුත්තේ එකිනෙකා සමග අදහස් හුවමාරු  කරගැනීමට පමණි. ආගම එකිනෙකාගේ පුද්ගලික විශ්වාසයන් මත පදනම්ව ගොඩනැගුණු  දෙයක් වන අතර එකම විශ්වාසයන් ඇති පිරිසක් එකට එකතුවීමෙන් ගොඩනැගෙන දෙයකි.  එබැවින් එම විශ්වාසයන් වෙනස් වූවා කියා අනෙකාගේ ජීවත්වීමේ අයිතිය වෙනස්  නොවේ. ආගම් බිහිවන්නේ සහ ඒවා පවත්වාගෙන එන්නේ මිනිසාගේ සුභසිද්ධිය උදෙසා  මිස තවකෙකු මත බලෙන් පැටවීමට හෝ අනෙකාගේ විනාශය වෙනුවෙන් භාවිතා කිරීමට  නොව. එබැවින් ආගම ජාතිය වෙනස්වුවා කියා අනෙකාගේ ජීවත්වීමේ අයිතියට  අභියෝගයක් වීමට කිසිවෙකුට හැකියාවක් නැත.


ගෞතම  බුදුන් වහන්සේ දේශනා කල බුදු දහමේ අන්තර්ගතය වන්නේ ජීවිතයේ අනිත්‍යය  තේරුම් ගැනීම සහ ඒ අනිත්‍යය වූ සසර නිමා කිරීමේ ක්‍රමවේදයයි. අනිත්‍යය වූ  සසර නිමාකිරීම වෙනුවෙන් දේශනා කල දර්ශනයක් අද පත්ව ඇති තත්වය ඉතාමත්  ඛේදජනකය. එම දහම නියෝජනය කරන එම දහම පතුරවන නියෝජිතයින් වන බෞද්ධ භික්ෂුවගේ  වර්තමාන හැසිරීම අද වන විට ඉතාම පිළිකුල් සහගත ලෙස විනාශවී ඇත. තමන්  අනෙකාට මෛත්‍රී කිරීමට උගන්වනවා වෙනුවට අනෙකාගෙන් පලි ගැනීමට සටන් කිරීමට  උගැන්වීම ඉතාමත් ඛේදයකි. "මහනෙනි දෙදෙනෙකු එකමගක  නොයන්න මේ අසූකෙලක් වූ ධර්මස්කන්දය ලෝකවාසී සියලුදෙනා දුකින් මුදවාගෙන  සසරින් එතෙර කිරීම වෙනුවෙන්ම යොදාගන්න" බුදුන්ගේ අදහස වූයේ එයයි. තම දහම  නිවැරදිව බෙදාදී සාමාන්‍යය වැසියාට සත්‍යය අවබෝධ කරදීම බුදු දහම විකාශනය  කිරීමේ මූලික අරමුණ වූ බව අප ඉගෙන ගෙන ඇත. නමුත් සමාජය තුල ඉතාමත් පහත්  අයුරින් ජාතිවාදී ප්‍රකාශ කරමින් තමන්ගේ අනුගාමිකයින් මුලා කරමින් විනාශය  කරා මෙහෙයවන භික්ෂුන් අප දැක ඇත්තෙමු. ඇත්තෙන්ම එය සැබෑ බුදු දහමට නිගාවක්  නොවේද. නැවක ගිල්වා දැමීමට නම් නැව අභ්‍යන්තරයට වතුර කාන්දුවිය යුතුය. එසේ  නොමැතිව නැවක් ගිල්වා දැමීම අපහසුය. නිර්මල බුදු දහම විනාශ කිරීමටද පිටතින්  පැමිෙණන බලවේග වලට කල නොහැකි දෙයකි. එය සිදු කරන්නේද ශාසනය තුල සිටින  පුද්ගලයින් විසිනි. සැබෑ ලෙස බුදු දහම රකින්නන් හා සැබෑවට බුදුන් දෙසූ දහම  ප්‍රචාරය කරන්නන් කිසිදිනක ජාතිවාදය පතුරවමින් ආගම ජාතිය මත අනෙකා පීඩනය  කිරීමට හෝ අනෙකාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමට තම අනුගාමිකයින්  පොළඹවන්නේ නැත. සැබෑ භික්ෂුව හඳුනාගැනීමට මේ අවස්තාව ඔබ හොඳම අවස්තාවක්  කරගත යුතුය. පසුගිය දිනයක තෙල්දෙණිය ප්‍රදේශයෙ  සිදුවූ සිදුවීම අතරතුර එක් වැදගත් පුවතක් මාහට කන වැකුනි. නුවර මුරුතලාව  ප්‍රදේශයේ එක් මුස්ලිම් පල්ලියක රැඳී සිටි පිරිසට ආරක්ෂාව දීම වෙනුවෙන්  භික්ශූන් වහන්සේ නමක් සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඉදිරිපත් වී ඇත. ඔවුන් රෑ  නිදි නොමැතිව තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්  පෙළගැසුනි එකතුවිය. සැබැවින්ම එය පිදිය යුතු කාරණයකි. සැබෑ බුදු දහමේ  නියෝජනය එයයි. තමන්ගේ ආරක්ෂාව පතා පැමිනෙන තමන්ගේ සරණ සොයා පැමිෙණන  කිසිවකුගේ ජාතිය අගම කුමක්දැයි බුදුන් විමසුවේනැත. මුරුතලාවේ භික්ෂුන්  වහන්සේ සැබෑ බුදු දහම ලොවට කියාපාන ආදර්ශමත් චරිතයකි.  
මෙරට  සිංහල ජනගහනය 74% ක් පමන වන අතර මුස්ලිම් ජනගහනය සිටින්නේ 12% ක් පමණ සුලු  ප්‍රමාණයකි. මහා ජනකොටසට අයිතිවන අප සැමගේ උරමත පැටවුනු වගකීමක් ඇත. එනම්  සුලු ජනකොටසට ආරක්ෂාව සැපයීමයි. ඔවුන් අප සමග සිටින විට ආරක්ෂිතයැයි හැඟෙන  තරමට ඔවුන් අපට ආදරය කරනු ඇත. මේ මොහොතේ සැබෑ බෞද්ධයා ඔවුන්ව ආරක්ෂා කිරීමට  පෙලඹිය යුතුය. ඔවු සුරක්ෂිත බව හැඟීමට සැලැස්විය යුතුය. ඔවුන්ට අපගෙ ආදරය  ලබාදිය යුතුය. ඔවුන් වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගුකල යුතුය. වෛරයෙන් මේ  ලොව දිනාගත් යමක් නොවේ. වෛරය වෙනුවට ඔවුන්ගේ හිත් තුලට ආදරය ලබාදීමට අප  පෙලඹිය යුතුය. සැබෑ බෞද්ධයකුගේ වගකීම එයය.  
සිංහල  ජාතියේ බෞද්ධ දර්ශනයේ අභිමානය ලොවට කියාපෑමට මේ මොහොතේ අපි ඔවුන් ආදරයෙන්  වැළඳගමු. අපේ ආදරය ඔවුන් සමග බෙදාගමු. ජීවත්වීමේ සැබෑ අරුත ආදරය පැතිරවීම  බව තේරුම් ගමු.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?