ගඟනගාමියෙකුගේ ඉරණම

 ඡායාරූපය:

ගඟනගාමියෙකුගේ ඉරණම

අපි අහලා තියෙනවා අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා යූරි ගගාරින් බව... ඒත් තවත් කෙනෙක් හිටියා.. සැබෑ වීරයෙක් වගේම නියම යාළුවෙක්. මෙයා වෙන කාවුරුවත් නෙමෙයි යූරි ගගාරීන්ගේ හොඳම මිතුරු වැල්ඩිමියර් කැමරොව්. අවාසනාවට අපි ඔහුගේ මතකය ගැන අමතක කරලා. මොකද ඔහු කිසිදාක යළිත් නොඑන ගමනක් ගියා නිසා.. මේ විශිෂ්ඨ ගඟනගාමියෙකු වු වැල්ඩිමියර් කැමරොව්ගේ කතාවයි.
1960 දශකය ආරම්භයත් සමග පෘථිවි වා තලයෙන් එපිට ලෝකය ගැන වැඩි උනන්දුවක් දැක් වූ යුගයක් ආරම්භ වුණා. සෝවියට් සංගමයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර පැවැතියේ දැඩි තරඟකාරී බවක්, වා තලයෙන් එපිට ලෝකයට යන්නට. එදා සෝවියට් සංගමයේ 50 වෙනි සංවත්සරය දා එරට බලධාරින්ට සෝවියට් සංගමය මඟින් විශේෂ දෙයක් සුදානම් කරන්න කිව්වා. ඒ අතර අභ්‍යාවකාශ පරීක්ෂණ අංශයත් හිටියා. සෝවියට් සංගමයේ නායකයා, ලියොනිඩ් බ්‍රෙසෙව් හට විශේෂ දෙයක් අවශ්‍ය වුණා. ඒ අනුව ඔහු කිසිදාක මින් පෙර සිදු නොකරපු දෙයක් සුදානම් කරා. ඒ යානයකින් තවත් යානයකට මාරු වීමයි. මේ සදහා යොදාගත්තේ Soyuz 1 හා Soyuz 2 යි. සියල්ල සිදුවෙන්නට තිබුනේ අභ්‍යාවකාශය තුළදී. මේ සඳහා ගඟනගාමීන් දෙදෙනෙකු නම් කර තිබුනා. එක් අයෙක් යූරි ගගාරීන් වූ අතර අනිත් කෙනා වුයේ වැල්ඩිමියර් කැමරොව්ය. මේ දෙදෙනාට සිතිම සදහා කාලය ලබා දී තිබුනා.
මේ සදහා නම් යෝජනා කරන ලද්දේ කැමරොව්ගේ නමයි. යූරි ගගාරින් මේ පිළිබද කිසිවක් දැන නොසිටියා. සියලු දෙනාම මේ ගමන කවදාවත් සිදුකළ නොහැක්කක් ලෙස සිතා සිටිය මූත් සෝවියට් ප්‍රධානී තුමාට එය පැවසීමට තරම් කිසිවෙකුත් ධෛර්යවන්ත උනේ නෑ. මන්ද ඔහු ඉතා දැඩි ගතිපැවැතුම් හෙබී පුද්ගලයෙකු වූ නිසාවෙන්.  යූරි තමන්ගේ අතිජාත මිත්‍රයාව කෙතරම් නැවැත්වීමට උත්සහ කළත් එය සිදුකළ නොහැකි විය. කැමරොව් ද මේ ගමනින් කිසිදාක දිවි රැකගත නොහැකි බව දැන සිටියා. තමන්ගේ ජිවිතය කැප කොට හෝ තමන්ගේ මිත්‍රයාගේ දිවි රැකගන්නා බව කැමරොව් ප්‍රතිඥාවක් ද දී තිබුනා.
යූරිට තවමත් අවශ්‍ය වුයේ කැමරොව්ගේ ගමන නැවැත්වීමටයි. නිවාඩු ලැබූ සෑම දිනකම මොවුන් දෙදෙනා දඩයමේ යාමටත් විනෝද වීමටත් මහත් සේ ප්‍රිය කළා. එදා සෝවියට් සංගමය තුළ මොවුන්ගේ මිතුදමට සමාන කිරීමට තරම් දෙයක් නොවීය..
යූරි විසින් මේ ගමන නැවැත්වීමට කළ හැකි සෑම දේම කළා. ඔහු ඒ සදහා ඔහු kGB ද සහය පැතුවේ තමන්ගේ මිත්‍රයෙකු හරහායි. ඒ සෝවියට් නායකයාට බලපෑමක් කිරීමට. ඒ අනුව යානයේ පවතින තත්ත්වයත් මේ ගමන භායනක බවත් ඇතුළත් වාර්තාවක් සෝවියට් නායකයාට ඉදිරිපත් කළද ප්‍රතිඵලයක් උනේ නෑ. ගමන සදහා සියලු කටයුතු සුදානම් කෙරුණා. මේ සදහා යොදා ගත් Soyuz 1 හී තාක්ෂණික දෝෂ 203ක් තිබෙන බව විද්‍යාඥයින් හා කාර්මික ඉංජිනේරුවන් සොයාගෙන තිබුණි. එය තවමත් පරික්ෂණ මට්ටමේ බැවින් එය ගුවන් ගත වීමට තරම් මට්ටමක නොතිබුණා. නමුත් තීරණයක් ගෙන අවසන්. වර්ෂ 1967 අප්‍රේල් 24 වෙනිදා ගුවන් ගමන සදහා සියලු කටයුතු සුදානම්.
අවසන් වරට තමන්ගේ මිත්‍රයාට සුබ පැතීමට යූරි ඇතුළු සියලු දෙනා ඔහු වෙත පැමිණියා. කැමරොව් ගීතයක් ගායනා කරන්නට පටන් ගත්තත් පසුව සියලු දෙනාම ගීත ගායනයත් සමගින්ම යානය තිබූ තැනට ගියා. යානය ගුවන් ගත වුණත්, යානයේ විදුලි පද්ධතිය අකර්මණය තත්ත්වයේ තිබුණි. යානය හිටි හැටියේ විකාර ලෙස වටේට කැරකෙන්නට පටන් ගත්තා. එහි සංවේදන පද්ධතියද හිටි හැටියේ දෝෂ ඇති වෙන්නට විය. යානයේ තත්ත්වය බරපතල විමත් සමඟ පාලක මැදිරිය විසින් කැමරොව් නැවත ගෙන්වා ගැනීමට Soyuz 2 පිටත් කරන ලදී.  
කැමරොව් පැය 05 කාලයක් තිස්සේ යානය තාක්ෂණික දෝෂ සමග සටන් කරමින් අභ්‍යාවකාශය තුළ සැරිසරන්නට විය. දෝෂ සහිත යානය පෙරට වඩා ගැස්සෙන්නට විය. යානයේ සන්නිවේදන පද්ධතිය සම්පුර්ණයෙන් බිඳ වැටුනි. පාලක මැදිරිය හා කැමරොව් අතර සන්නිවේදනය අඩාල විය. ඔහු තම සියලු දැනුම යොදා නැවත යානය පෘථිවියට ගෙන එන ලදී. ආහෝ කෙතරම් දක්ෂ වුණත් ඔහුට දෛවය සරදම් කරන්නට විය. යානයේ වේගය අඩාල කරන පෙරෂූට් පද්ධතියද ඇන හිටි ගියේය. උදෑසන 7ට පමණ වාතලය දෙදරමින් ආ Soyuz 1 යානය පොළොවේ ගැටී පුපුරා විනාශයට පත් විය. වීරයෙකු ලෙස දිවි පිදූ වැල්ඩිමියර් කැමරොව්ගේ ශරීරය දැවී අලූ වී ගොස් තිබුණි. සෝවියට් සංගමය විසින් වහාම ඔහුගේ මරණය ගැන සොයා බලා ප්‍රකාශයක් කරන්නට විය.
එක්සත් ජනපදයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගඟනගාමීන් මරණයට පැමිණිමට අවසර පැතුවද අවසර ලබා දීම ප්‍රතික්ෂේප විය. ඔවුන් මෙය අනතුරක් නොව මීනිමරුමක් බව සෝවියට් සංගමයට චෝදනා කරන්නට විය. යූරි තමන්ගේ මිය ගිය මිත්‍රයාගේ ශෝකයෙන් පීඩාවට පත් වී සිටියේය. මේ ගුවන් ගමන යාමට තමන්ට අවසර ලබාදෙන මෙන් ලිඛිත ඉල්ලීමක් පවා කැමරොව් සෝවියට් සංගමයට ඉදිරිපත් කර තිබූ බව සදහන් වෙනවා. ඒ මේ ගමනේ අනතුරුදායක බවත් හොදින් දැන සිටිය දීය. කේසේ හෝ පාලකයාගේ දැඩි තීරණ වල බලපෑම ගන කැමරොව් පෙන්නුවේ "කරපු දේ බලා ගනිල්ලා" කියන්නාක් මෙනි. මිය ගිය කැමරොව් පසුව සම්මානයකින් ජාතික වීරයෙක් බවට පත් කරන ලදී.

මාතෘකා