ලින්කන් හමු වුණු කස්ත්‍රෝ

 ඡායාරූපය:

ලින්කන් හමු වුණු කස්ත්‍රෝ

ෆිදෙල් කස්ත්‍රෝ විප්ලවයක් මඟින් 1959 දී කියුබාවේ පාලන බලය තමන් යටතට පත් කර ගත්තේය. ඉන්පසුව ඔහු එක්සත් ජනපදයේ සති දෙකක චාරිකාවක් සඳහා පිටත්ව ගියේය. ඒ එක්සත් ජනපද පුවත් සංස්කාරකවරුන්ගේ සංගමය කළ ඇරයුමක් නිසාය.

මේ චාරිකාවේ අරමුණ වුණේ විප්ලවයෙන් පසුව ඔහුගේ අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවේ පෙනී සිටිමත්, එක්සත් ජනපදයේ වැදගත් ස්ථාන නැරඹීමත් වැනි දේය.

එදා එක්සත් ජනපදයේ 34 වැනි ජනාධිපතිවරයා වුණු ඩිවිට් ඩී. අයිසන්හවර් තමන්ගේ අසල්වාසී රටේ දැවැන්ත විප්ලවයකින් පසුව පාලන බලය ලබාගත් කොමියුනිට්ස්වාදී නායකයා හමු නොවී වොෂිටන්හි ගෝල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව ගියේය.

ඒ වෙනුවට ෆිදෙල් සමඟ සාකච්ඡා කිරීමට පැමිණියේ අයිසන්හවර් ජනාධිපතිවරයාගේ උප ජනාධිපතිවරයා වූ නික්සන්ය. පැය තුනක කාලයක් පමණ දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැතිණි.

සාකච්ඡාව අතර නික්සන් උප ජනාධිපතිවරයා ෆිදෙල්ගෙන් මෙසේ විමසුවේ.

"දැන් ඔබ ඡන්දයක් පැවැත්වීමට ලෑස්තිද?"

"කියුබාෙව් ජනතාවට දැන්ම ඡන්දයක් අවශ්‍ය නැහැ"

ෆිදෙල්ගේ පිළිතුර වුයේ එයයි.

පසුව නික්සන් ඒ ප්‍රකාශය පිළිබඳව මැසිවිලි නැගමින් කියා සිටියේ "ෆිදෙල් කොමියුනිට්ස්වාදය පිළිබඳවත්, එහි කොමියුනිට්ස් විනය පිළිබඳවත් නොසැලැකිලිමත්" බවයි.

දින එකොළහක් තුළ ෆිදෙල් කස්ත්‍රෝ කළ එම සංචාරයේ දී විශාල සතුටක් ලබා ගත්තේය. ඔහු මහජන සම්බන්ධතා සඳහා පවතින ආයතනයක් සේවය ලබාගත්තේ ය. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ කෑමක් වන හොට් ඩෝග්ස්වල රසය වින්ඳේ ය.

උද්‍යානවල සිටි කාන්තාවන් සිපගත්තේ එකල ජනප්‍ර්‍රිය වූ සුපිරි රෝක් තරුවක් ලෙසිනි. දේශපාලකයෙකු මෙන් ඔහු ද කුඩා දරුවන් වඩා ගත්තේය. විනෝදයෙන් සිනාසෙමින් ඇවිද ගියේය.

ෆිදෙල් ලින්කන් සැමැරම් උද්‍යානයේ එක් ස්ථානයක දී නිහඬ විය. තමන් පැලැඳ සිටි හිස්වැස්මද ගලවා ගත්තේය. ඒ බිහි වූ විශිෂ්ට නායකයෙකු ලෙස අවිවාදයෙන් පිළිගන්නා ඒ්්‍බ්‍රහම් ලින්කන් පිළිරුව අසල දීය. ෆිදෙල් නිහඬව තමන්ගේ ආචාරය ලින්කන් පිළිරුවට පුද කළේය.

ඉන්පසු ඉතාමත් තැන්පත් භාවයකින් ලින්කන් පිළිරුවට ඉහළින් බිත්තියේ තිබූ සැමැරම් ඵලකය නිහඬව කියෙව්වේය.

"මෙම මන්දිරයෙහි ජනතාවගේ හදවත් තුළ එකමුතු බව තැන්පත් කළ ඒ්්‍බ්‍රහම් ලින්කන්ගේ මතකය සදාකාලිකව තැන්පත් කර ඇත...”

එය කියවා අවසන් කළ ෆිදෙල් ”විශිෂ්ටයි, ඉතාමත් රසවත්....!” යැයි සෙමින් මිමිනුවේය.

ෆිදෙල් ඉන්පසුව තමන්ගේ ජීවිතේ ඉතිරි අඩසියවසක කාලය ලින්කන් අගය කරන්නෙකු බවට පත්විය. ඔහු ලින්කන් ගැන බොහෝ දේ ඉගෙන ගත්තේය. තමන්ගේ සටහනකද ලින්කන් කළ කැප කිරීම් ගැන ලියා දක්වමින් ෆිදෙල් පවසා තිබු‍ෙණ් සියලු ජනතාව උපත ලබන්නේ සමානත්මතාව හා සාධාරණත්වය තුළ බවයි. තවත් වරෙක ෆිදෙල් විසින් ”දිගු කල් වැජඹේවා ලින්කන්” ලෙස පැවසූ බවද සඳහන් වේ.

මේ සංචාරයෙන් පසුව මේ රටවල් දෙක අතර ඉතාමත් හොඳ සම්බන්ධතාවක් ගොඩනැඟතෙයි ලෝකයා සිතුවත් එසේ සිදුනොවුණි. ඒ වෙනුවට එක්සත් ජනපදය විසින් කියුබාවට එරෙහිව සම්බාධක පැනවීය. ඒ මෙන්ම කියුබාවේ තැන්පත් කර තිබූ සෝවියට් බැලැස්ටික් මිසයිල හේතුවෙන් කියුබාවට එරෙහිව යුධ ප්‍රකාශයට පත් කළේය.

[සංජේ රණවක]

මාතෘකා