හේතුවාදියෝ

 ඡායාරූපය:

හේතුවාදියෝ

ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් යනු හේතුවාදී සංගමය ආරම්භ කිරීමේ මූලිකයාය. කට්ටඬියන්, කපටි පූජකයන් විසින් අසරණ මහජනතාව රැවටීම සඳහා කරගෙන යනු ලබන ගිනි පෑගීම ඇතුළු මගඩි රැසකට ප්‍රසිද්ධියේ අභියෝග කළ කොවූර්, කට්ටඬියන් ගැන කුකුසක් තිබූ සමාජයට ඔවුන්ගේ නිරුවත් හෙළි කිරීමට සමත් විය.   

එදා කට්ටඬියන්ගේ අද පරම්පරාව සරණක් බලාපොරොත්තු වන ජනතාව අදත් වෙනත් ක්‍රමවලින් ‘අන්දමින්’ ඇත.   

එදා හේතුවාදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමාජය තුළ ඇති වූ විපර්යාසය පුවත්පත් වාර්තා කර තිබුණේ මෙලෙසය.   

* ගිනි පෑගීම දැන් තරුණ තරුණියන්ගේ විනෝදාංශයක් බවට පත්ව ඇත. බොරලැස්ගමුවේ තරුණ පිරිසක් ‘මිනිස්’ බලයෙන් ගිනි පෑගූ අවස්ථාවක ඉදිරිපත් වුණු චන්දන නැමැති අවුරුදු 4ක දරුවෙක්ද ගිනි පෑගීය. මෙම ගිනි මැලය ටොමී නැමැති බල්ලෙකු විසින්ද තරණය කිරීම විශේෂ සිද්ධියක් විය.   
- ඇත්ත 07.01.1971   

*වාරියපොල ප්‍රදේශයේ ලොකු, කුඩා, ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම වත් පිළිවෙත්වලින් සහ ගුප්ත බලයෙන් තොරව දිනපතාම ගමක් ගානේ ගිනි පාගති. වයස අවුරුදු 10 සිට 12 පාසල් සිසු සිසුවියෝද ගිනි මැල ගසා කිසිම බියක් නොමැතිව ගිනි පාගති.   - ජනතා 20.11.1970

මාතෘකා