ඉතිහාසය යළි යළිත්

 ඡායාරූපය:

ඉතිහාසය යළි යළිත්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඉතිහාසයේ මේසය පෙරළී ඇත්තේය. ”රතු පදනම” පත්තරයේ තීරුව කළ ෆෙයාලින් එසේ ලියන්නීය.

මේ වතාවේ සාකච්ඡා ඉල්ලා සිටින්නාගේ තැනට වැටී ඇත්තේ චියං කායි-ෂෙක්ය. සිය අගනුවර වන නැන්-ජින් නගරයේ සිට ඔහු මා ඕ වෙත විදුලි පණිවිඩයක් එවමින් සාම සාකච්ඡාවක් අයැද සිටියි. ඒ අතරවාරයේ බටහිර රටවල මැදිහත් වීමද ඔහු අපේක්ෂා කරයි. බ්‍රිතාන්‍යය විසින් ඇමෙතිස්ට් නමැති මධ්‍ය ප්‍රමාණයේ යුද නෞකාවක් එවා ඇත. එය එවා තිබෙන්නේ මා ඕගේ බලකායන් ප්‍රබල ප්‍රහාරයක යෙදී සිටින යැන්සි ගංගාවට නුදුරු වෙරළ තීරය වෙතය. ඉංග්‍රිසි ජාතිකයන් විසිතුන් දෙනෙකු මරා දමා ඇත. ඒ අතර දින එකසිය එකක් ගත වන තුරුම යුද නැව තිබී ඇත්තේ මැරුණු මාළුවකු වගේය. රුසියාවේ සිට පණිවිඩයක් එවන ස්ටාලින් කියා සිටින්නේ චියං කායි-ෂෙක් සමඟ මා ඕ විසින් සාම සාකච්ඡා ආරම්භ කළ යුතු බවකි. ස්ටාලින්ගේ අනුගාමික උපදේශකයන් මා ඕ පිටුපස යමින් මා ඕ මුළු මහත් දකුණ පීරා බලය ස්ථාපනය කරනු නවතාලීමට වැයම් කරමින් සිටිති. සිය යුද කූඩාරමේ සිට ෙම් මොහොත වන විට මා ඕ සැලසුම් කරමින් සිටින්නේ මුළු මහත් චීන දේශයම සියතට ගනු උදෙසා අවසාන ප්‍රහාරය අරඹන්නටය.

1948 නොවැම්බර් 18.... මසුන් මරන්නන්ද සොල්දාදුෙවා්ද විසින් පදවනු ලබන සිය දහස් ගණනක බෝට්ටු යැන්සි ගංගාව හරහා යාත්‍රා කරති. ජනතාවගේ විමුක්ති හමුදාවල චියං කායි-ෂෙක්ගේ අගනුවර වන නැන්-ජින් දෙසට තෙරපෙමින් යති. පැන පැන අග නගරයට පහර දෙති. චියංලා තායිවානයට පළා යන්නාහුය.

මගේ පෙම්වතා තැම්බූ අල ගෙඩියක් සපමින් ගුවන් විදුලියට සවන් දෙයි.

කළ ගෙඩිය සෝදමින් සිටින අතර ජියෑන් චින් මා ඕ දෙස බලන්නීය. ඇයට පෙනෙන්නේ මේ දැන් ඔටුනු පලඳින්ට සූදානම්ව සිටින අධිරාජයකුගේ මුහුණුවරය. මේ යුවළ තවමත් තමන්ගේ අනාගතය ගැන සාකච්ඡා කර නැත්තේය. මා ඕගේ මේසය මත තිබී ෆෙයාලින්ගේ ලේඛන කඩක් ජියෑන් චින් විසින් සොයාගන්නා ලද්දේ මේ නොබෝදාය. එය රචනයකි. ඒ නම් රහස් සංඥා මඟින් ලියන ලද පෙම්පතකැයි ජියෑන් චින් සැක කරයි.

රතු කුටියේ සිහිනය නමැති සම්භාව්‍ය නවකතාවෙන් සභාපති මා ඕ ජීවය ලබා ඇත්තේය. එහි කථානායකයා බා ඕයු තමාට උපතින්ම ලැබුණු පච්චගල් කැටයකින් වෙන් කරනු නොහැක්කේ විය. ඔහුගේ ජීවිතයේ මූල බීජය වූයේ ඒ පච්ච කැටයයි. මා ඕට නම් තමා සතු පච්ච වර්ණ මැණික වූයේ චීන ජනතාවගේ හදවතය. ඇයිද මේ බා ඕයු නමැති ආදරවන්තයා? ජියෑන් චින් සිතන්නට වෙයි. එතකොට තායියු ? මන්දිරය තුළ සිටි බා ඕයු වටහාගන්නට සමත් වූ එකම තැනැත්තිය - ෆෙයාලින්ද?

ඊයේ රාත්‍රියේ මම බයංකාර සිහිනයක් දුටුවෙමි. මගේ ෙප්‍ර්මවන්තයාගේ අතැඟිලි මත කළු පාට තැවරී ඇත. ඔහු ෆෙයාලින්ගේ ලිපිය කියවන අතරවාරයේ ඒ ඇඟිලිවලින් සිය ගෙල මෘදු ලෙස ස්පර්ශ කරමින් සිටියේ ඉතා මිහිරි සිතිවිලිවලියක පැටලී සිටි නිසාවනැයි මට සිතිණි.

ජනතාවගේ විමුක්ති හමුදාව විසින් යෙනාන් පළාත ආපසු ලබාගන්නා ලද්දේය. ජීවතුන් අතර ඉතිරිව සිටින පවුල්වල සාමාජිකයින් සමඟ සොල්දාදුවන් එකතු වන අතර ප්‍රධාන කාර්යාලය ජනතාවගෙන් පිරී පවතියි. මා ඕ විසින් යෙනාන් අතහැර යාමට නියමිතව ඇත්තේය. උත්සව රැලියකින් පසුව තනිවී ඉතිරිව සිටින්නේ මා ඕ සහ ජියෑන් චින් පමණි.

දිවා කාලය වුවද ලෙන තුළ ඇත්තේ අන්ධකාරයයි. ප්‍රදේශ අතහැර යෑමෙන් පසුව යුවළ එකට සිට නැත්තේය. දෙදෙනාම තනි තනිව නිහඬව සිටිති. තම සිරුරට ඔහුගේ සිරුරෙහි ස්පර්ශය නොලැබ කාලයක් ගතව ඇත්තේ නොවේදැයි ජියෑන් චින් තුළ අමුතු ආකාරයේ හැඟීමක් තෙරපෙන්නේය.

හිරු රැස් දහරක් එබී බලයි. මේසයේ කොනක් හරහා ඒ හිරු රැස් දහර ඇලවීගෙන විහිදෙයි. මා ඕ හිඳගෙන සිටි පැරණි පුටුවල තුවාල ලත් සොල්දාදුවකු වැන්න. පුටුවේ පස්සා කකුලක් තුවාල ෙව්ළන පටිවලින් වෙලා ඇත. බිත්තිය හොඳටම කිලිටිය.

අසීරු නිහැඬියාවකින් පසුව, මා ඕ සිය දෑත් දිගුකොට ජියෑන් චින් තමා වෙතට ඇද ගනියි. වචනයකුදු කතා නොකර ඔහු ඇගේ උරිස් දෙස සිට ඉඟ දක්වා සිය දෑත රූටවයි. ඉනික්බිතිව ඔහුගේ අත් තවත් පහළට ඇදී යෙයි. ඇය තාමත් දැඩිය. ඇගේ අත්පාවලින් නිකුත් වන්නේ ගින්දරකි. නිහඬවම ඇය ඔහුගේ දෑත් මත හොවින්නීය.

ඔහු ඇඳුම් ඉවත් කරල ඊළඟට නිසි ඉරියව්වට පැමිණෙයි. අනතුරුව ඇතුළට තල්ලු වෙයි. ඇය නොසෙල්වීම සිටින්නීය. ඒ සුඛාස්වාදය කෙරෙහි අවධානය යොමු කරන්ට ඔහු වැයම් කරයි. එතෙකුදු ඔහුගේ සිත කැලඹිලාය.....

මාතෘකා