චාල්ස් ඩිකන්ස් බිරිඳ මානසික රෝහලක තබන්න තැත් කරලා

 ඡායාරූපය:

චාල්ස් ඩිකන්ස් බිරිඳ මානසික රෝහලක තබන්න තැත් කරලා

විශිෂ්ට ඉංග්‍රීසි නවකතාකරුවකු මෙන්ම පුවත්පත්කලාවේදියකු ලෙස ලොව පුරා අතිමහත් පිළිගැනීමට ලක් වූ චාල්ස් ඩිකන්ස් සිය බිරිඳ වූ කැතරින්ට බොහෝ සේ හිරිහැර පීඩා කර, ඇය මානසික රෝහලකට පවා ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇති බව අනාවරණය වන පෞද්ගලික ලිපි රැසක් හමු වී තිබෙනවා. සිය ප්‍රතිරූපය ගැන ඉතා සැලකිලිමත් වූ ඩිකන්ස් මේ පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිදරව් නොවන සේ ඉතා ප්‍රවේශමෙන් කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. ඔහු 1858 වසරේදී බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිටි බව බොහෝ අය දැන සිටි කරුණක් වුවද, ඒ සම්බන්ධයෙන් පවා වැඩි විස්තර කිසිවකුට දැනගැනීමට නොහැකි වන සේ තබාගන්නට ඔහු උත්සාහ දරා තිබෙනවා. එහෙත් ඒ අප්‍රකට තොරතුරු රැසක් දැනට සති කිහිපයකට පෙර හමු වූ ලිපි කිහිපයකින් අනාවරණය වී තිබෙනවා. එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ජෝන් බෝවන් විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තිබී සොයාගන්නා ලද මේ ලිපි මෙයට පෙර කිසිදු අවස්ථාවක විශ්ලේෂණය කිරීමට කිසිවකුට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. එලන් ටර්නන් නමැති තරුණ නිළියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරම දශක දෙකක කාලයක් සිය සහකාරිය ලෙස මෙන්ම දරුවන් 10 දෙනාගේ මව ලෙසද කටයුතු කළ කැතරින්ට අපහාස කර ඇය මානසික රෝහලක සිරකර තැබීමටත් ඩිකන්ස් උත්සාහ දරා ඇති බව මේ ලිපිවලින් හෙළිවී තිබෙනවා.

[මේනුක

මාතෘකා