ඇඬෙන චිත්‍රපටිවලට හෝ දුක හිතෙන කතාන්දරවලට මම අඬලා නෑ

 ඡායාරූපය:

ඇඬෙන චිත්‍රපටිවලට හෝ දුක හිතෙන කතාන්දරවලට මම අඬලා නෑ

ආජෙන්ටිනා මහා ලේඛක හොර්හේ ලුයිස් බොර්හේස්

චිත්‍රපටි බලන්න ගිහින් අඬන අය හුඟක් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වන දෙයක්. ඒක මටත් වෙලා තියෙනවා. ඒත් මම කවදාවත් ඇඬෙන චිත්‍රපටිවල, එහෙම නැත්නම් දුක හිතෙන කතාන්දරවලට අඬලා නෑ. ඒත් මම, උදාහරණයකට ජෝසෆ් ෆොන් ස්ටර්න්බර්ග්ගෙන් මුල් වරට ආ ‘ගැන්ග්ස්ටර්’ චිත්‍රපටි බැලුවාම (අපරාද කල්ලි ආශ්‍රිත චිත්‍රපටි බැලුවාම) මට මතකයි එහි කිසියම් වීර කාව්‍යමය දෙයක් තිබුණොත් - මං කියන්නෙ චිකාගෝ අපරාද කල්ලි නිර්භීත ලෙස මියයනවා දුටුවොත් - මගේ ඇස් කඳුළින් පිරෙනවා මට දැනිලා තියෙනවා.

ගේය කාව්‍ය හෝ ශෝක කාව්‍ය වලට වඩා මට

වීර කාව්‍ය බොහොම දැනිලා තියෙනවා. එය මට හැම විටම දැනෙනවා. වීර කාව්‍ය දැනෙනවා ඇත්තෙ සමහර විට මම මිලිටරි පසුබිමකින් එන නිසා වෙන්න ඇති. මගේ සීයා, කර්නල් ෆ්‍රැන්සිස්කෝ බොර්හේස් ලෆිනූර් යුද සීමාවේ ඉන්දියානුවන් එක්ක සටන් කරලා තියෙනවා. ඔහු විප්ලවයකදීයි මියගියේ. මගේ සීයාගේ පියා කර්නල් සුවේරස් ස්පාඤ්ඤ ආක්‍රමණිකයින්ට එරෙහි මහා යුද්ධවලින් එකකදි පේරු අශ්වාරෝහක හමුදා ඛණ්ඩය මෙහෙයවලා තියෙනවා. මගේ තවත් මාමා කෙනෙකුගේ සීයා සැන් මාර්ටින්ගේ හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල - ඒ වගේ එකක් - මෙහෙයවලා තියෙනවා. ඒවගේම මගේ ආත්තම්මා කෙනෙකුගේ ආත්තම්මා රෝසාස්ගේ (ආජෙන්ටිනාවේ මිලිටරි ඒකාධිපතියකු වූ යුවාන් මැනුවෙල් ඩි රෝසාස්ගේ) සහෝදරියක්. මම ඒ ඥාති සම්බන්ධය ගැන එච්චර ආඩම්බර වෙන්නෙ නෑ. මොකද මම රෝසාස් ගැන සිතන්නේ ඔහු ඔහුගේ යුගයේ පෙරෝන් කෙනෙකු ලෙසයි. ඒත් ඒ සියලු දේ මාව ආජෙන්ටිනාවේ ඉතිහාසය එක්කත්, මිනිසකු නිර්භීත වීමේ අදහස එක්කත් සම්බන්ධ කරනවා.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?