සති 06ට සිරිපා වඳින්න ගිය 300ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

 ඡායාරූපය:

සති 06ට සිරිපා වඳින්න ගිය 300ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ වී ගෙවුණු සති 06ක කාලය තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍යය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි පුද්ගලයන් 300 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ වරද පිළිගැනීම නිසා රුපියල් 412,000ක මුදලක් දඩ ලෙස අය කරගෙන තිබෙන බව හැටන් පොලිස් අධිකාරී චූලනී වීරරත්න මහතා පැවසුවේය. හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය, හැටන් පොලිසිය, ගිනිගත්හේන, නල්ලතන්නිය, වටවල, මස්කෙළිය, නෝර්ටන්බ්‍රිජ්, බගවන්තලාව සහ නොර්වුඩ් යන පොලිස් ස්ථානවලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සතුව කේරළ ගංජා, හෙරොයින්, අසිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහ දුම්වැටි තිබී ඇත.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙස මාධ්‍යය මඟින් දැනුවත් කර තිබියදීත් එය නොතකමින් ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් නිලධාරීන් සමඟ පොලිස් නිල සුනඛයන්ද යොදවා තිබෙන බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේය.

[අසේල කුරුළුවංශ]

News Order: 
8
මාතෘකා