දිල්රුක්ෂි ඩයස්ගේ හඬපටය : සියල්ල හෙළි කළ යුතුයි

ඇමතිනී තලතා ඡායාරූපය:
.ඇමතිනී තලතා

දිල්රුක්ෂි ඩයස්ගේ හඬපටය : සියල්ල හෙළි කළ යුතුයි

ඇමතිනී තලතා නීතිපතිගෙන් ඉල්ලයි  

දිල්රුක්ෂි ඩයස් මහත්මිය දුරකථන සංවාදයකදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ඊයේ (22) පූගොඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවාය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කළ ප්‍රකාශය හා ඇමතිවරයෙකු සම්බන්ධ වන්නේ නම් අනිවාර්යයෙන්ම එම ඇමතිවරයා කවුරුන්ද යන්න හෙළි කළ යුතු බවද අධිකරණ ඇමතිනිය අවධාරණය කළාය.

"අල්ලස් කොමිසම අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවතියත් ඇය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ සිටින නිලධාරිනියක්. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමිය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒක නීතිපතිවරයා විසින් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුයි" යැයිද ඇය පැවසුවාය.

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා