දමිළ - මුස්ලිම් පක්‍ෂ කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාසට සහාය පළ කරනවා

 ඡායාරූපය:

දමිළ - මුස්ලිම් පක්‍ෂ කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාසට සහාය පළ කරනවා

රට තුළ සාමය, සමගිය, සහජීවනය ඇති කිරීම යන එකම ඉල්ලීම මත ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂ කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට එකඟ වූ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුලතිව් ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් පැවසීය.

මේ රට බෙදා වෙන් කිරීමට, විනාශ කිරීමට හෝ කුමන්ත්‍රණය කිරීමට සියලු මුස්ලිම් පක්‍ෂ, වතු පක්‍ෂ හා සුළු පක්‍ෂ විරුද්ධ බවත් ඒ හේතුවෙන් කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉස්ලාම් ආගම තුළ ත්‍රස්තවාදය නොමැති බවත් ඉස්ලාම් නමින් මේ රට විනාශ කිරීමට තැත් කළ සහරාන් ඇතුළු කණ්ඩායමට දැඩි දඬුවම් දිය යුතුය යන මතයේ සමස්ත මුස්ලිම් ජනතාවම සිටින බවත් ඔහු කියා සිටියේය.

[තියේෂා ද සිල්වා]

 

News Order: 
17
මාතෘකා