පොහොට්ටුවට පක්ෂපාතී 'හිරු' ගැන එජාපයෙන් ජනපතිට පැමිණිල්ලක්

 ඡායාරූපය:

පොහොට්ටුවට පක්ෂපාතී 'හිරු' ගැන එජාපයෙන් ජනපතිට පැමිණිල්ලක්

ජනාධිපතිවරණ සමයේ ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු මාධ්‍ය ආයතනය එක් අපේක්ෂකයකුට වාසි සැලසෙන අයුරින් පක්ෂපාතීව කටයුතු කිරීමත්, වැරදිසහගත හා සත්‍යයෙන් තොර ප්‍රවෘත්ති ජනතාව අතරට ගලා යාම මඟින් ඡන්දදායකයින්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විදුලි පණිවිඩයක් යවමින් දන්වා සිටියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි එය සෘජු බලපෑමක් ඇතිකරනු ලබන බව ද නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල හැසිරීම ඡන්දදායකයින්ගේ තීරණය කෙරෙහි සෘජුව බලපාන බව එහි සඳහන් වේ. 2019-11-16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වූදා සිට පෞද්ගලික රූපවාහිනි නාලිකාව සහ ගුවන් විදුලි නාලිකාව එක් අපේක්ෂකයකුට වාසි සිදුවන ආකාරයට පක්ෂපාතීව කටයුතු කරමින් සිය වැඩසටහන් සහ විශේෂයෙන් දේශපාලනමය වැඩසටහන්, ප්‍රවෘත්ති දැන්වීම් ආදිය ප්‍රචාරය කරනු ලබන අතර මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී එම මාධ්‍ය ජාලයට පැමිණිලි ඉදිරිපත් කළ බවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් එම ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි සභාපතිවරයාට කිහිප වරක් පැමිණිලි කරන ලද නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නොමැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙවැනි වැරදිසහගත සහ සත්‍යයෙන් තොර ප්‍රවෘත්ති සහ තොරතුරු ජනතාව අතරට ගලා යාම මඟින් ඡන්දදායකයින්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් සිදුවන බවත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි සෘජු බලපෑම් ඇතිකරන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා ලෙසත් ඉල්ලා තිබේ.

News Order: 
3
මාතෘකා

ජනප්‍රිය ලිපි