ශ්‍රීලනිපයේ තීරණාත්මක රැස්වීම අද

ශ්‍රීලනිපයේ තීරණාත්මක රැස්වීම අද

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ හෙට (27) පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර එහි මධ්‍යම කාරක සභාව අද (26) කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව අද පස්වරු 6.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව හෙට (27) විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ. එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, තිලංග සුමතිපාල සහ ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගී වීමට නියමිතය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචර්ය ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ආදීන් සහභාගී වීමට නියමිතය.

මාතෘකා