ගෝඨා නැත්නම් වෙන රාජපක්ෂ කෙනෙක්

 ඡායාරූපය:

ගෝඨා නැත්නම් වෙන රාජපක්ෂ කෙනෙක්

- එස්.එම්. චන්ද්‍රසේන

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලෙස මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත මත මේ වන විට තරගයට ඉදිරිපත් වීමේ සියලු කටයුතු සුදානම් කර ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

කුමන හේතුවක් නිසා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉල්ලන වෙනත් රාජපක්ෂවරයෙක් ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර කුමාර වෙල්ගම මහතා පවසන්නේ තමන් කිසිවිටෙක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා පවසා සිටියේ බොහෝ විට ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි බවය.

මාතෘකා