ගංවතුරෙන් - නායයෑමෙන්  එක්ලක්ෂ විසිපන්දාහක් පීඩාවට

 ඡායාරූපය:

ගංවතුරෙන් - නායයෑමෙන්  එක්ලක්ෂ විසිපන්දාහක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස්, දිවයින පුරා එක්ලක්ෂ විසිපන්දහස් නවසිය පනස් හතරක පිරිසක් පීඩාවට පත් වී සිටින අතර ආරක්ෂිත ස්ථාන 246ක පුද්ගලයින් පනස් හයදහස් හාරසිය හැත්තෑදෙදෙනෙකු තාවකාලිකව රඳවා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (24) දහවල් වාර්තා කළේය.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අදාළ ස්ථානවලට යොමු කර ඇති බව සඳහන් කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පවතින වැසි තත්ත්වයත් සමඟ කළු ගඟේ ජල මට්ටමේ අඛණ්ඩ වැඩි වීමක් පෙන්නුම් කරන බවද පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පලි මහතා සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පෙරේදා (23) රාත්‍රියේ රත්නපුර සිට පහළ කළුතර සීමාව දක්වා බොහෝ ස්ථානවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබූ බවය. එම ජනතාව තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සිටි යුතු බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

කැලණි ගඟේ ජලයේ අඩු වීමක් පෙන්නුම් කරනවා. ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද නිල්වලා ගඟ පාලටුව ප්‍රදේශයෙන්ද, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද වැඩි වීමක් පෙන්නුම් කරන අතර ගංඟා දෙපස ජනතාව පවතින අවධානම මත අවශ්‍ය වුවහොත් ඉවත්වීමට සූදානම් විය යුතු බවද නියෝජ්‍ය අධක්ෂකවරයා කීය. රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල හා රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් වී සිටිය යුතු බවද පැවසූ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කුකුලේ ගඟ, උඩවලව, ලක්ෂපාන, දැදුරු ඔය, රාජාංගන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ඇති බවද පැවසීය.

[උපාලි කරුණාරත්න]

මාතෘකා