මධ්‍යම අධිවේගී මාර්ගයට චීනයෙන් ඩොලර් බිලියනයක්

 ඡායාරූපය:

මධ්‍යම අධිවේගී මාර්ගයට චීනයෙන් ඩොලර් බිලියනයක්

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා චීන රජයෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් අනුමත වී තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයුවාන් පෙරේදා (14) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා මෙම මුදල් වැය කෙරෙන අතර අදාළ මුදල් නිකුත් කරන ලෙසට චීන එක්සිම් බැංකුවට මේ වන විට උපදෙස් ලබා දී ඇති බව චීන තානාපතිවරයා අගමැතිවරයා හමුවේ පවසා ඇත.

චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළ ගිවිසුම කඩිනම් කරන ලෙසද චීන පාර්ශ්වයෙන් සාකච්ඡා අතරදී ඉල්ලීම් කෙරී තිබේ. එසේම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට අදාළ පරිපාලන සහ නෛතික ක්‍රියාපටිපාටි කඩිනම් කරන ලෙසද තානාපතිවරයා ඉල්ලීමක් කර ඇත.

[නිමාෂා සඳරුවනි]

 

මාතෘකා

ජනප්‍රිය ලිපි