දිගන සිද්ධිය ගැන ප්‍රශ්න කරන්න

 ඡායාරූපය:

දිගන සිද්ධිය ගැන ප්‍රශ්න කරන්න

දිලුම් අමුණුගම ටීඅයිඩීයට

මහනුවර දිගන ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු විසින් ලොරි රථ රියදුරෙකුට පහර දී එම පුද්ගලයා මිය යෑමත් සමඟ ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ඊයේ (15) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවිණි.

ඒ අනුව, ඊයේ පෙරුවරු 11.30ට පමණ මන්ත්‍රීවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇති අතර එහිදී මහනුවර ඇති වූ ගැටුම් පිළිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන අයද පැමිණ තිබේ. පසුගිය මැයි 10වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් පාර්ලිමේන්තුවේ නව සභාවාරය සඳහා සහභාගී වීමට ඔහු එම දිනය වෙනස් කරගෙන තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් ප්‍රබල දේශපාලඥයෙකුද මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා කැඳවීමට නියමිත බව වාර්තා වේ.

[දිනුක මලින්ද ]

මාතෘකා