එජාපය එතෙරට දුක කියයි

එජාපය එතෙරට දුක කියයි

ප්‍රජාතන්ත්‍රවාදය අගයන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සූදානම් නැති බව පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අරලියගහ මන්දිරයේදී කොළඹ සිටින තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හමු වී ඊයේ (06) ප්‍රකාශ කළේය.

එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් තමා සමඟ සිටියද ජනාධිපතිවරයා එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ අදහස් දැක්වීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රධාන තානාපතිවරුන් කියා ඇත්තේ ජනපතිවරයා විසින් අවසානයේ හෝ හරි දේ කරනු ඇතැයි තම රටවල් අපේක්ෂා කරන බවය.

මාතෘකා