තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම යළි පරාදයි

 ඡායාරූපය:

තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම යළි පරාදයි

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ තෙරේසා මේ ඉදිරිපත් කළ ගිවිසුම දෙවැනි වරටත් ඊයේ (12) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 149කින් පරාජයට පත්විය. පක්ෂව ලැබුණේ ඡන්ද 242ක් පමණි.

මේ මස 29 වැනිදා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතය. ඊට දින 16ක් තිබියදී යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීම නිසා අගමැතිනිය දැඩි අභියෝගයකට මුහුණපා සිටියි. තෙරේසා මේ මුල් යෝජනාව පසුගිය ජනවාරි 16 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එය වැඩි ඡන්දයෙන් පරාජය විය.


යුරෝපා සංගමය දැඩි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, අගමැතිනියට මෙම බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා සහය පළ කරමින් සිටියි. කෙසේ වෙතත් යුරෝපා සංගම් සභාපති ඩොනල්ට් ටස්ක් කියා සිටියේ, ඊයේ පැවති ඡන්ද විමසීම පිළිබඳව තමා දැඩි ලෙස කණගාටුවවන බවයි.