ඉරානයේ විදේශ ඇමති ඉල්ලා අස් වෙයි

 ඡායාරූපය:

ඉරානයේ විදේශ ඇමති ඉල්ලා අස් වෙයි

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සාරිෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

හදිසි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. සිය ධුර කාලය තුළ සිදුවූ අතපසුවීම්වලට සමාව අයද සිටින බව පවසන ඔහු ඉරාන ජනතාවට සහ බලධාරීන්ට ස්තූතිය පළකර තිබේ. ධුරයෙන් ඉවත්වීමේ හේතුවක් ඔහු සඳහන් කර නොමැති අතර 59 හැවිරිදි විදේශ අමාත්‍යවරයා මීට පෙර එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. ඔහු විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ, 2013 වසරේ සිටයි. සාරිෆ් මහතා 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සාර්ථකකර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යයක් ඉටු කරනු ලැබීය.