ඉන්දියානු ඔත්තුකරුගේ පවුලට පාකිස්තානයෙන් කෙණහිලි

ජාදෙව්, Pakistan, India, Jadev ඡායාරූපය:  අවන්ති ජාදෙව් සහ චේතන්කූල් ඉන්දියානු මාධ්‍ය හමුවේදී
.ජාදෙව්, Pakistan, India, Jadev
ඡායාරූපය: අවන්ති ජාදෙව් සහ චේතන්කූල් ඉන්දියානු මාධ්‍ය හමුවේදී

ඉන්දියානු ඔත්තුකරුගේ පවුලට පාකිස්තානයෙන් කෙණහිලි

පකිස්තානයේදී ඔත්තු බැලූ බවට චෝදනා ලබා මරණ දඩුවම නියම වී සිටින ඉන්දීය හිටපු නාවික හමුදා නිළධාරී කුල්බූෂන් ජාදෙව්ගේ මවට සහ බිරිදට පාකිස්තානයේදී වෛරී සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් ලෝක් සභාවේදී පාකිස්තානයට එරෙහිව දැඩි විරෝධතා එල්ල වී ඇත.

අත් අඩංගුවට පත්වීමෙන් පසු ජාදෙව් මුණ ගැසීමට පවුලේ අය ලද ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අවස්ථාවට අවසර ලැබී තිබුනේ ජාදෙව්ගේ මව වන අවන්ති ජාදෙව්ට සහ ඔහුගේ බිරිද වන චේතන්කුල්ට පමණි. මව්බස වන මරාති භාෂාවෙන් ජාදෙව් සමග කතා කිරීමට ඔවුන් උත්සහ කළ අවස්ථාවේ පකිස්තාන ආරක්ෂක අංශ විසින් ඔවුන්ට නොනවත්වා බාදා කර ඇති අතර ඉංග්‍රීසි සහ හින්දි භාෂා පමණක් ඔවුන්ට භාවිතයට අවසර දී තිබේ.

ජාදෙව් හමුවීමට යාමේදී ජාදෙව්ගේ මවට සහ බිරිදට ඔවුගේ මංගල මාල, බින්දි සහ වළලු ඉවත් කරන ලෙසටත් පකිස්තාන ආරක්ෂක අංශ බල කර ඇත. එසේම චේතන්කුල් ගේ පාවහන්, එහි 'ලෝහ යමක්' ඇතැයි පවසමින් පකිස්තාන ආරක්ෂක අංශ විසින් රදවා ගෙන ඇති අතර ඒ පිළිබද පරීක්ෂණ සිදු කරන බවටත් දැනුම් දි ඇත. 

හමුවෙන් පසු ඔවුන් වෙනුවෙන් වාහනයක් පැමිණෙන තුරු පකිස්තාන විදෙස් කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් පිටත රදවා තබා ඇති අතර, ඒ අවස්ථාවේදී පකිස්තාන මාධ්‍ය ආයතන වලට ඔවුන් දැඩි අපහසුතාවයට පත්වන ලෙස ප්‍රශ්ණ කිරීමේ අවස්තාව උදා කර දී ඇති බව ලෝක් සභා නියෝජිතයෝ චෝදනා කරති. 

'ඔබගේ සැමියා අහිංසක පකිස්තානු වැසියන් දහස් ගණනක් මැරුවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?' 

'ඔබගේ මීනිමරු පුතා හමුවීමෙන් පසුව ඔබට මොනවද හිතෙන්නේ?' ආදී ප්‍රශ්න අසමින් අවන්ති ජාදෙව් සහ චේතන්කූල් ඉතා අසරණ තත්වයකට පත්කර ඇති බව ඔවුන්ගේ පවුලේ ප්‍රකාශකයෙකු සදහන කර ඇත.

මම සිදුවීම පිළිබදව ලෝක් සභාවේදී විරෝධතාව දැක්වූ පක්ෂ අතර, කොන්ග්‍රස් පක්ෂය, සිව සේනා පක්ෂය, සමස්ත ඉන්දියානු ද්‍රවිඩ මුන්නේත්‍රම කලගම් පක්ෂය ආදී පක්ෂ වෙති.

කුල්බූෂන් ජාදෙව් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු බව ලෝක් සභාවේ කොන්ග්‍රස් නායක මල්ලිකාර්ජුන් කාර්ග් බලකර සිටී. එසේම කාන්තාවකගේ මංගල මාලය ඉවත් කිරීමට බලකිරීම මගින් පකිස්තානය ඉන්දියාවට අවමන් කර ඇති බව සමස්ථ ඉන්දියානු ද්‍රවිඩ මුන්නේත්‍රම් කලගම් පක්ෂයේ එම්. තම්බිදුරෙයි ප්‍රකාශ කර ඇත.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධව රාජ්‍යසභාවේදි අදහස් දක්වමින් ඉන්ඩීය විදෙස් කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මෙය පකිස්තානය ඉදිරියට තැබිය හැකිව තිබූ පියවරක්, ප්‍රචාරක මෙවලමක් ලෙස භාවිත කළ අවස්ථාවක් ලෙස හදුන්වා දී ඇත. ඇය ලෝක් සභාවේදී ද මේ පිළිබදව දිර්ඝ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මාතෘකා