‘ආවා කල්ලියේ’ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

 ඡායාරූපය:

‘ආවා කල්ලියේ’ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පසුගියදි (21) රාත්‍රීයේදී යාපනයේ කෝණ්ඩාවිල් උඩුප්පිඩි හන්දියේ වෙළඳසැලකට ප්‍රහාර එල්ල කොට එහි අයිතිකරුව කපාකොටා තුවාල සිදු කළ ආවා කල්ලියේප්‍රධාන සැකකරු ඊයේ (23) සවස යාපනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වෙළඳසැල ඉදිරිපිට තිබූ ත්‍රී රෝද රථයකටද ආවා කල්ලිය විසින් පහර දී තිබූ අතර එම ප්‍රහාරය සදහා පැමිණි අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ අයෙකු පදවාගෙන ආ යතුරු පැදියේ අංකය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතට පත්ව තිබේ. ඒ අනුව කරන ලද විශේෂ මෙහෙයුමකදී අදාළ සැකකරු හා පහර දීමට පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී ඇත. එම සැකකරු හා යතුරු පැදිය මේ වන විට යාපනයේ කෝපායී පොලීසිය වෙත බාර දී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

මාතෘකා