නව වෙනි යුද සැමරුම යාපනයේදී උත්සවාකාරයෙන් සැමරේ

 ඡායාරූපය:

නව වෙනි යුද සැමරුම යාපනයේදී උත්සවාකාරයෙන් සැමරේ

තිස් වසරක යුද්ධය නිමාවී වසර 9ක් පිරීම නිමිත්තෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සංවිධානය කළ උතුරු පළාතේ යුධ සැමරුම් ප්‍රධාන උත්සවය පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පලාලි යුධ හමුදා ස්මාරකය අසළ පැවති සැමරුම් අවස්ථාව සඳහා උතුරු යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි, උතුරු පළාතේ සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරු යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු පළාතේ සියලුම දිසාපතිවරු, යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු ඇතුළු උතුරු පළාතේ පොලිස්පතිවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

මාතෘකා